රාජ්‍ය ඇමැතිවරුන් පත් කිරීම තවත් කල් යන ලකුණු!

155

කැබිනට් ඇමැතිවරුන් පමණක් ඇති ජනපතිගේ මතයයි

වත්මන් රජයේ රාජ්‍ය ඇමැතිවරුන් පත් කිරීම තව ප්‍රමාදවනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

පවතින ආර්ථික අර්බුදය හමුවේ රජයේ වියදම් සීමා කිරීම යටතේ ඇමැති මණ්ඩලය වැඩි කිරීමකින් තොරව කැබිනට් ඇමැතිවරුනට වගකීම් පවරා පාලන කටයුතු කරගෙන යෑම වඩාත් යෝග්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේද මතයවී ඇතැයි එම ආරංචි මාර්ග පැවසීය.

මේ වන විට කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකු පත්කර ඇති අතර ඔවුනට ලබා දෙන්නේ මන්ත්‍රී වැටුප පමණි.

රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ ප්‍රධාන වශයෙන්ම අවධානය යොමුව ඇත්තේ විදේශ ආයෝජන වැඩිකර ගැනීම, සංචාරක ව්‍යාපාරය යළි ශක්තිමත් කර ගැනීම, කෘෂිකර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා බැවින් දැනට සිටින කැබිනට් ඇමැති මණ්ඩලය ඒ සඳහා ප්‍රමාණවත් බව ජනාධිපතිවරයාගේ මතය වී ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment