රාජ්‍ය ඇමැති ඩයනාගේ පාස්පෝට් පරීක්ෂාවට උසාවි නියෝගයක්

426


සංචාරක රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහත්මියගේ විදේශ ගුවන් ගමන් බල පත්‍රය,උප්පැන්න සහතිකය සහ ජාතික හැදුනුම්පත පරීක්ෂාවට ලක් කර නොවැම්බර් මස 10 වැනිදාට උසාවියට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට අද නියෝග කර ඇත.
නීතිඥවරු කණ්ඩායමක් විසින් 2021 වසරේ ඉදිරිපත් කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් විභාග වන නඩුවකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයාට මෙම නොතීසි නිකුත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment