රාජ්‍ය ඇමැති ඩයනාගේ පැටිකිරිය ඉක්මනින් සොයන්නැයි අධිකරණයෙන් නියෝග

253


රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ උප්පැන්න සහතිකය, ජාතික හැදුනුම්පත හා විදේශ ගමන් බලපත්‍රය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පැමිණිල්ල පිළිබඳව විමර්ශන කඩිනම් කොට ප්‍රගතිය වාර්ථා කරන මෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

අදාළ පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා‍ එම නියෝගය ලබා දුන්නේය.

එම පැමිණිල්ල නැවත දෙසැම්බර් මස 15 වනදා කැඳවීමට ද නියෝග කෙරුණි.

advertistmentadvertistment
advertistmentadvertistment