රාජ්‍ය ඇමැති ඩයනා ගේ පෙත්සම් විභාගයට අවසර

200

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කළේය.ඒ අනුව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඇතුළු වගඋත්තරකරුවන්ට මේ සම්බන්ධයෙන් දෙසැම්බර් මස 12 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා අභියාචනාධිකරණය විසින් නොතීසි ද නිකුත් කරනු ලැබීය.අභියාචනාධිකරණය විසින් ආගමන හා විගමන පාලකවරයා වෙත තවත් නියෝගයක් නිකුත් කරමින් සඳහන් කළේ වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධ සියලු ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

advertistmentadvertistment
advertistmentadvertistment