රාජ්‍ය ඇමැති සනත් නිශාන්තට අධිකරණයෙන් දැඩි අවවාද

226

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සිය නීතීඥවරයා මාර්ගයෙන් අද අභියාචනාධිකරණයට භාර විය.

ඒ අනුව නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්ගගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විත්තිකාර සනත් නිශාන්ත මහතා පෙනී සිටියේය.

අනතුරුව විත්තිකාර සනත් නිශාන්ත මහතාට තරයේ අවවාද කළ විනිසුරු මඩුල්ල මින් මතුවට සෑම දිනකම පුද්ගලිකව පෙනී සිටිය යුතු බවත් තරයේ අවවාද කර මුදාහැරීමට නියම කළහ.
වරෙන්තුව ආපසු කැඳවීමට ද අධිකරණය නියම කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment