රාජ්‍ය ඇමැති  35 – 40 ක්  මේ සතියේ පත්වෙති

142

රාජ්‍ය ඇමැතිවරුන් 35 ත් 40 ත් අතර පිරිසක් මේ සතියේ දිවුරුම් දීමට නියමිතය.

මෙය බොහෝදුරට හෙට (06 දා) හෝ බ්‍රහස්පතින්දා (08 දා) සිදුවනු ඇතැයි රජයේ ආරංචිමාර්ග කියා සිටී. අලුතින් පත්වන රාජ්‍ය ඇමැතිවරුන් සඳහා ජනාධිපතිවරයා විසින් ආයතන වෙන් නොකරන අතර විෂය භාර අමාත්‍යවරයා විසින් ආයතන වෙන්කර ගැසට් කිරීමට නියමිත බව පැවසේ.

නව රාජ්‍ය ඇමැතිවරුන්ගෙන් ද දැනට සිටින කැබිනට් ඇමැතිවරුන් මෙන් වැටුප් නොගෙන සිටීමට ඉල්ලීම් කිරීමට ද නියමිත බව ආරංචි මාර්ග පවසයි.

රාජ්‍ය ඇමැතිවරුන් දිවුරුම් දීමෙන් පසු දැනට සිටින කැබිනට් අමාත්‍යවරුන් 18 අමාත්‍යවරුන් 30 දක්වා වැඩිවනු ඇතැයි ද එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටී.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment