රාජ්‍ය උකස් බැංකුවට මිලියන 68ක පොල්ලක් ගැන කෝප් හෙළිදරව්වක්

197


ව්‍යාජ ලේඛන සකස් කර, පුද්ගයින් 47 දෙනෙකු 2017 වර්ෂයේදී රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවෙන් රුපියල් මිලියන 68ක ණය ලබා ගෙන ඇති බව කෝප් කමිටුවේ අවධානයට ලක් විය.

මෙහිදී ණය කරුවන් ලෙස හඳුනාගත් පුද්ගලයින්ට නඩු පවරා ඇති බවත් ඒ සම්බන්ධයෙන් තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ක‍්‍රියාත්මක වන බවත් එම කමිටුවට පැමිණ සිටි නිලධාරීහු පැවසූහ.

විශේෂයෙන් මීට අදාළ කාර්ය මණ්ඩල සේවකයින් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ ක‍්‍රියාත්ම කොට ඇති බවත් පරීක්ෂණ අවසන් වී ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් මේ වන විටත් විනය ක‍්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඔවුහු සඳහන් කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment