රාජ්‍ය නාට්‍ය උළෙල අද සිට

205


රාජ්‍ය නාට්‍ය උළෙල 2021. හි අවසන් වටයේ නාට්‍ය මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී සහ ටවර් හෝල් රඟහලේදී අද සිට මාර්තු 6 වැනිදා දක්වා වේදිකාගත වේ.

අවසන් වටයට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි තේරුණු කෙටි නාට්‍ය 20 ක් සහ දිගු නාට්‍ය 12 ක් වේදිකාගත කිරීමට නියමිතය.

අද කෙටි නාට්‍ය තුනක් වේදිකාගතවේ.

මධුරංග ශ්‍රී ලාල්, ඩබ්ලිව්.ඩී.පී දේවින්ද වික්‍රමසිංහ සහ විශ්ව චින්තක තිලකරත්න එක්ව අධ්‍යක්ෂණය කළ .ආනන්දනීය බාබර්. පස්වරු 5.30ට ද පී ගනේෂරාජා අධ්‍යක්ෂණය කළ .තලෙයියානෙයි මන්දිරම්. පස්වරු 6.20 ට සහ කේ.ඩබ්ලිව්.ටී හිමාෂි විතානගේ අධ්‍යක්ෂණය කළ .ෆ්ලේවර්ස්. පස්වරු 7.10 ට වේදිකාගත කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment