රාජ්‍ය පාලනයේ කිසිඳු කටයුත්තකට සම්බන්ධ වන්නේ නෑ!

320

වර්තමාන බලාපොරොත්තුව සිස්සටම් චේන්ඡ් එකක් මිස පුද්ගල චේන්ජ් එකක් නොවෙයි

රජය ගන්නා තීරණයකට එකඟ විය නොහැකි නිසා ඊට පෙර මා ඉවත් වුණා….
හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ

වර්තමානයේ හුඟ දෙනෙකුගේ බලාපොරොත්තුව සිස්සටම් චේන්ඡ් එකක් මිස පුද්ගල චේන්ජ් එකක් නොවෙයි. අපි මෙතෙක් හැමදාම කර තියෙන්නේ පුද්ගලයෝ මාරු කිරීමක්. ඉදිරියේදීවත් පුද්ගල මාරුවක් නැතිව සිස්ටම් චේන්ජ් එකක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා යැයි හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

බත්තරමුල්ල” නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (09දා) පැවැති මාධ්‍ය හමුවේදී ඒමහතා මේබව පැවසීය.

තමා මුල සිටම විශ්වාස කළ දෙයක් වනුයේ රාජ්‍ය පාලනයත් දේශපාලනයත් දෙකක් යන්න බවත්” තමා මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමේ ප්‍රධාන ඉලක්කය සම්පූර්ණයෙන් රාජ්‍ය පාලනයෙන් බැහැර වීම බවත්” ඒ අනුව මේ අවස්ථාවේ සිට රාජ්‍ය පාලනයේ කිසිඳු කටයුත්තකට තමා සම්බන්ධ නොවන බවත් අවධාරණය කළේය.

ප්‍රශ්නය : ඔබගෙන් පුරප්පාඩු වන මන්ත්‍රීධුරයට ධම්මික පෙරේරා මහතාද පත්කරන්නේ ?

පිළිතුර: මා ඒ ගැන දන්නේ නැහැ. පත්කිරීමේ කාර්ය පක්ෂයට අයත් කාර්යයක්.

ප්‍රශ්නය : පක්ෂයේ නිර්මාතෘවරයා හැටියට ඔබගේ තීරණයකින් පිට පක්ෂයට තීරණයක් ගත හැකිද?

පිළිතුර: පක්ෂය සුදුසු පුද්ගලයෙක් පත් කරයි. හුඟ දෙනෙකුගේ බලාපොරොත්තුව සිස්සටම් චේන්ඡ් එකක්. පුද්ගල චේන්ජ් එකක් නොවෙයි. අපි මෙතෙක් හැමදාම කර තියෙන්නේ පුද්ගලයෝ මාරු කිරීමක්. දැන්වත් මා බලාපොරොත්තුවන්නේ ඉදිරියේදීවත් පුද්ගල මාරුවක් නැතිව සිස්ටම් චේන්ජ් එකක් වෙයි කියලා.

ප්‍රශ්නය : ඔබගේ පැමිණීමෙන් පසු වෙනසක් වෙයි කියා ජනතාව බලාපොරොත්වුනා. දැන් ඔබ හිතනවද ඔබ පැමිණ රටට යමක් කලා කියලා.

පිළිතුර : මාගේ ශක්තියේ ප්‍රමාණයට මා කළ යුතුදේ කළා කියා මා විශ්වාස කරනවා. නමුත් ජනතාව බලාපොරොත්තු වූ සියලු දේවල් කරන්න බැරි වුණා. මම ලංකාවට එන විට බලාපොරොත්තු වුණේ මට විරුද්දව තිබූ විවිධ වංචා දූෂණ චෝදනාවන්ට මුහුණදීමත් මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට මා වග කිව යුතුයි යන චෝදනාවත්. ඒනිසා මට අවශ්‍ය වුණා එතුමාව නැවත මේරටේ ජනතාව පිළිගන්නා තනතුරකට පත්කිරීම සඳහා ජයග්‍රහණය කරවීම. එම කටයුතු ඉටුවුණා. මට විරුද්දව ගොනු කර තිබූ නඩු නිසා මම මාස ගණනක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබූණා. පසුගිය සතියේ අන්තිම නඩුවෙනුත් මා නිදහස් වුණා. මම ලංකාවට එනවිට මට අවශ්‍යතාවයක් තිබුනේ නැහැ පාර්ලිමේන්තුවට එන්න හෝ මුදල් ඇමැති වෙන්න.

අයිඑම්ෆ් එකට අපි 16 වරක් ගිහින් තියනවා. මේ පිළිබඳව ඇමති මණ්ඩලය කීපවතාවක් සාකච්ඡා කලා.එහිදී කිහිපදෙවක් කැමතිවුනා. කිහිපදෙනෙක් අකමැතිවුනා. නමුත් ජනාධිපතිවරයා තීරණය කලාඅයිඑම් එෆ් සමග සාකච්ඡා කළයුතුයි කියාි ඒ අනුව ඉදිරි කටයුතු කෙරෙයි. එහි කොන්දේසි ජනතාව රජය පිළිගන්නවාද නැද්ද යන්න තීරණය කළයුතුයි.

21 වන සංශෝධනයට මා පෞද්ගලිකව විරුද්ධයි. ජනතා වරමකින් ජනතාවට බලය දෙන ව්‍යවස්ථාවක් හැර පැලස්තරදාන සංශෝධනයකට අප විරුද්ධයි. පාර්ලිමේන්තුවට බලය දෙනවට අපි කැමතියි. වත්මන් අගමැතිවරයා ජනාධිපතිවරයා පත්කල කෙනෙක්. ඒවගේ කෙනෙක්ට මේ බලය දීම ප්‍රශ්නාර්තයක්. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉවත් වුණේ මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම මතයි. 21 සංශෝධනයේ ස්වාධීන කොමිෂන් සභා වැනි දේවලට අප ඉතාම කැමතියි. 21 සම්මත වෙනවද නැද්ද කියන්න මා දන්නේ නැහැ. විධායක ජනාධිපති ක්‍රමයට එදා වගේම අපි තාමත් විරුද්ධයි. විධායක ජනාධිපති ක්‍රමය වෙනස්වනවාත් සමග ජන්ද ක්‍රමයත් වෙනස් විය යුතුයි. ඇතැම් කොටස්වලට අයිතිකරුවන් ඉන්නවා.ඇතැම් ⁣කොටස්වලට අයිතිකරුවන් නැහැ. රජය ගන්නා තීරණයකට ඇතැම් විට එකඟ වියනොහැකි නිසා ඊට පෙර මා ඉවත් වුණා. ද්විත්ව පුරවැසි ධූරය දරන සමහර රටවල අගමැතිවරු සිටිනවා. ලෝකයේ ඉන්න සියලුම ශ්‍රී ලාංකික යින්ට ලංකාවේ පුරවැසිකම දියයුතුයි. වෙනත් රටවල එහෙම දෙනවා. ලෝක⁣යේ ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයින් අපේ රටට සම්බන්ධ කරගත හැකි ක්‍රමයක්. එය අහිමිකිරීම සුදුසු නැහැ.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment