රාජ්‍ය ම්ලේච්ඡත්වයට ප්‍රේමදාසලා බය නෑ මම පාරට බැස්සේ ජනතාව වෙනුවෙන් -විපක්‍ෂ නායක සජිත් කියයි

270

තමන් කිසි විටෙකත් රාජ්‍ය ම්ලේච්ඡත්වයට බිය නොමැති බවත් ජනතාව වෙනුවෙන් ඉදිරියේදී ද පාරට බැසීමට සූදානම් බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
 වීඩියෝ පටයක් නිකුත් කරමින් විපක්‍ෂ නායකවරයා මේ බව කියා සිටින අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.රාජපක්‍ෂ ම්ලේච්ඡ ආණ්ඩුව, අද දින අරගලයේ නිරත සාමකාමී තරුණයන්ට දේශපාලන මැරයන් යොදාගෙන අමානුෂික පහරදීමක් කළා. රාජපක්‍ෂ ම්ලේච්ඡත්වයට එරෙහිව මමත් එම ස්ථානයට ගියා. මම ඇවිදගෙන යනකොට ප්‍රහාරයක් එල්ල වුණා. ප්‍රේමදාසලා කවදාවත් රාජ්‍ය ම්ලේච්ඡත්වයට බයනෑ. මම එහි ගියේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාව වෙනුවෙන් ඒ පහරදීමට විරුද්ධව අරගලකාරීන් සමග එක්වන්නයි. ඒත් මට සහ මගේ නිල රථයට පහරදීලා ඒවට හානි කළා. මම බොහොම අමාරුවෙන් බේරිලා ආවා. මම කියන්න ඕනෑ මට බේරෙන්න ලැබුණා. ශාරීරික හානියක් මට නෑ. වීදුරු කටු එකක් ඇඟේ වැදුණා පමණයි. මම පාරට බැස්සේ ජනතාව වෙනුවෙන්. මම කවදාවත් පාරට බහින්න බය නෑ.

 අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment