රාජ්‍ය රහස් පනත භාවිත කර අධි ආරක්‍ෂිත කලාප නම් කිරීමට ජනපතිට බලයක් නෑ

216

ශ්‍රී ලංකා නීතිඥ සංගමය

රාජ්‍ය රහස් පනත භාවිත කරමින් අධි ආරක්‍ෂිත කලාප නම් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නැතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

කොළඹ ප්‍රදේශ කීපයක අධි ආරක්‍ෂිත කලාප පිහිටුවීම සම්බන්ධව සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන් වේ.

ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය ඇතුළු ප්‍රාදේශ කිහිපයක් අධි ආරක්‍ෂික කලාප ලෙස ප්‍රකාශයට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි නියෝග ක්‍රියාත්මක කිරීමේ නිසි බලධරයා ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයා පත්කර ඇත.

රාජ්‍ය රහස් පනත හරහා ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ විසම්මුති අයිතිය පාලනය කිරීමට ජනාධිපතිවරයාට හැකියාවක් නොමැති බවත්, රාජ්‍ය රහස් ආරක්‍ෂා කිරීමට පමණක් එකී පනත භාවිත කළ හැකි බවත් එම නිවේදනයේ සඳහන් වේ.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment