රාජ්‍ය වියදම් අඩු කිරීම නුහුරට ගිහින්

193

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය ආයතනවල වියදම් අඩු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබුණ ද එය විධිමත් අයුරින් සිදු නොවන බවට වෘත්තීය සමිති චෝදනා කරයි.

වියදම් අඩු කිරීම සඳහා සිදුකරන්නේ සේවක කප්පාදු කිරීම් බවත් තවමත් සුපුරුදු ලෙස රාජ්‍ය ආයතනවල දූෂණ නාස්තිය සහ නිසි කළමනාකරණයෙන් තොරව කටයුතු කිරීම අඩුවකින් තොරව සිදුවන බවත් ඔවුහු පවසති. එබැවින් රාජ්‍ය ආයතනවල සැබෑ ලෙසම වියදම් අඩුවී ඇති දැයි කියා දැනගැනීම සඳහා එම ආයතනවල මාසික සේවා වාර්තාවක් ලබාගැනීම කළ යුතු යැයි වෘත්තීය සමිති යෝජනා කරති.

එසේ නොමැතිව සේවකයන් කප්පාදු කිරීම මගින් රාජ්‍ය ආයතනවල වියදම් අඩු කිරීමට උත්සාහ කරන්නේ නම් ඊට එරෙහිව ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද පවසති.

මෙලෙස සේවකයන් අඩු කිරීමෙන් සිදුවන්නේ රාජ්‍ය සේවය තවත් අඩපණවී ජනතාවගේ අප්‍රසාදයට තව තවත් ලක්වීම පමණක් යැයි ද සඳහන් කරති.

advertistmentadvertistment
advertistmentadvertistment