රාජ්‍ය විරෝධී වැඩ කළාද? ජනකගේ ලිපිගොනු පොලිසියෙන් අරන් යයි

256

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා රජයේ ප්‍රතිපත්ති කඩාකප්පල් කිරීමට කටයුතු කළේ ද යන්න සොයා බැලීම සඳහා ඔහුගේ නිල කාමරයෙන් ලබාගත් ලියකියවිලි ඔස්සේ පුළුල් විමර්ශනයක් කොල්ලුපිටිය පොලිසිය විසින් ආරම්භ කර ඇත.

මෙම විමර්ශනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබන 16 වැනිදා අධිකරණය වෙත ලබාදීමට නියමිත බවද පොලිස් ආරංචිමාර්ග පැවසීය.

සති දෙකකට ආසන්න කාලයක් සීල් තබා තිබූ මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ නිලකාමරය කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා (01 වැනිදා) විවෘත කරනු ලැබීය.

ඒ විදේශ සංචාරය නිමාකර ජනක රත්නායක මහතා සිය කාර්යාලය වෙත නැවත පැමිණීමෙන් පසුවය.

එහිදී රත්නායක මහතාගේ නිල කාමරයේ තිබූ සියලු ලිපි ලේඛන කොල්ලුපිටිය පොලිසිය භාරයට ගන්නා ලදී.

පොලිස් ආරංචිමාර්ග කියා සිටියේ පොලිස් භාරයට ගත් සියලු ලිපිලේඛන දැඩි පරීක්‍ෂාවට ලක් කරන බවයි.

රජය විසින් යෝජනා කළ විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා දැඩි සටනක නිරත වූවේය. අවසානයේදී ඒ මහතාගේ අනුමැතියකින් තොරව සෙසු සාමාජිකයන්ගේ අනුමැතිය ඇතුළු විදුලි බිල ඉහළ දැමීමට රජය කටයුතු කළේය.

විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව තමන් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා මාධ්‍ය හමුවේ පෙරේදා ප්‍රකාශ කර තිබිණි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment