රාජ්‍ය සාහිත්‍ය සම්මානය එල්.ටී.ටී.ඊ. රැඳවියකුට

308

සාහිත්‍යකරණයේ නිරතව විශිෂ්ටතා දැක්වූ ශ්‍රී ලාංකික සාහිත්‍යවේදීන් ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරන “රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ 2022” හොඳම දෙමළ නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය බන්ධනාගාරගතව සිටින එල්.ටී.ටී.ඊ. රැඳවියකුට දෙවැනි වරටත් හිමිවිය.

රාජ්‍ය සාහිත්‍ය සම්මානය එල්.ටී.ටී.ඊ. රැඳවියකුට

මෙම සම්මාන උළෙල පසුගිය 28 දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. මෙහිදී හොඳම ස්වතන්ත්‍ර (දෙමළ) නවකතාව ලෙස නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින වයස අවුරුදු 42ක් වූ එල්.ටී.ටී.ඊ. රැඳවියා විසින් රචිත ‘අදුර්‍යාලයි’ (වෛiවරයකු විසින් නොදියුණු රෝහලක් දියුණු තත්ත්වයට පත්කර ගැනීම) නවකතාව මෙසේ සම්මානයට පාත්‍රවිය.

මෙම රැඳවියා 2004 දී මොරටුව විශ්වවිiාලයේ ඉංජිනේරු උපාධිධාරියකු වන අතර පේරාදෙණිය විශ්වවිiාලයේ එම්. ඒ. උපාධිය හදාරමින් සිටියදී 2009 ජුනි 25 වැනිදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්‍ෂිත භාරයට පත්කර ඇත.

බන්ධනාගාර ගතවීමෙන් පසු කියවීමට හා ලිවීමට දැඩිව නැඹුරු වූ මොහු දෙමළ භාෂා කෘති 07 ක් සහ ඉංග්‍රීසි භාෂා කෘතියක් රචනා කර ඇත. එම කෘතීන් සියල්ල රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේෂ වී ඇති අතර 2016 දී හොඳම දෙමළ නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකරගෙන ඇත.

මෙම සම්මාන ප්‍රදානෝත්සවයට රාජ්‍ය සාහිත්‍ය මණ්ඩලයේ සභාපති රඹුකන සිද්ධාර්ථ හිමියන් ඇතුළු විද්වත්හු රැසක් එක්ව සිටියහ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment