රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්න ප්‍රශ්නයක් නෑ – මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨයෙක් කියයි

255

රජයේ සේවකයන්ට ජුලි මස වැටුප ගෙවීමට කිසිදු ගැටලුවක් නැතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ (13 දා) ‘දිවයින’ට කීවේය.

මේ අනුව රාජ්‍ය සේවක වැටුප් නියමිත පරිදි ලැබෙනු ඇති බවත් මෙවර හැකිතාක් උත්සාහ කරන්නේ මහ බැංකුවෙන් මුදල් ලබානොගෙන රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට බවත් ඔහු සඳහන් කළේය.

රාජ්‍ය සේවකයන්ට ජුලි මස වැටුප නොලැබෙනු ඇති බවට යන ප්‍රචාරයන් අසත්‍ය බවත් එවැනි ගැටලුවක් මතුව නැති බවත් ඔහු සඳහන් කළේය. යම් මුදල් මදි පාඩුවක් වුවහොත් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අවශ්‍ය ඉතුරු මුදල් ලබාගත හැකි බවද ඔහු කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment