රාජ්‍ය සේවකයින්ට පඩි රහිත නිවාඩු යාමේ චක්‍රලේඛය නිකුත්වේ

1430


ජ්‍යෙෂ්ඨත්වයට සහ විශ්‍රාම වැටුපට හානි නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට දේශීය වශයෙන් වැටුප් රහිත වසර 05ක නිවාඩු ලබාදීම සඳහා චක්‍ර ලේඛය රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇත.
එම චක්‍ර ලේඛයට අනුව අදාල නිවාඩු අනුමත කිරීමේදී අමාත්‍යංශය විසින් සපයනු ලබන සේවා අඛණ්ඩව ලබාදීමට අවශ්‍ය මානව සම්පත් තක්සේරු කිරීම,අනුප්‍රාප්තිකයින් හෝ ආදේශක නිලධාරීන් ලබාදිය නොහැකි සහ විද්‍යාත්මක හා තාක්ෂණික දැනුම අත්‍යවශ්‍ය කොන්දේසියක්ව ඇති සේවා ගණනයන් සහ තනතුරු හඳුනා ගැනීම සහ ඊට බාධාවක් නොවන පරිදි දේශීය වැටුප් රහිත නිවාඩු ලබාදිය හැකි සේවා ගණයන් සහ තනතුරු හඳුනාගැනීම ආදිය සිදු කළ යුතුය.
ඒ අනුව නිලධරයාගේ ජ්‍යෙෂ්ඨත්වය හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට දේශීයව ආර්ථික වශයෙන් ඵලදායී කටයුත්තක නිරතවීමට හෝ රාජ්‍ය සේවයෙන් බැහැර ආයතන වල සේවය කිරීම සඳහා උපරිම වසර 05ක කාලයක් දක්වා දේශීය වැටුප් රහිත නිවාඩු ලබාදිය හැකිය.
මාණ්ඩලික නොවන සේවා ගණවල නිලධාරීන්ට පමණක් මෙම නිවාඩුව ඔවුන්ගේ පරිවාස කාලය තුළදී වුව ද ලබාදිය හැකිය.
වැටුප් රහිත නිවාඩු ලබාගෙන එයට අදාල අනිවාර්ය සේවා කාලයකට යටත්ව සිටින නිලධරයන්ට ද මෙම චක්‍රලේඛය අනුව වැටුප් රහිත නිවාඩු ලබාගත හැකිය. එසේ නිවාඩු ලබාගැනීමට පෙර වැටුප් රහිත නිවාඩු කාලයට අදාලව අනිවාර්යය සේවා කාලය සම්පූර්ණ කර තිබීම අත්‍යවශ්‍ය නොවේ.
මෙම වැටුප් රහිත නිවාඩු කාලය තුළ අදාල නිලධාරීන් රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වීමට නියමිත සුදුසුකම් සපුරා ඇත්නම් සේවයෙන් ඉල්ලා අස්වීම සමස්ත රාජ්‍ය සේවයට හානියක් නොවන බවට හැගී යන්නේ නම් අමාත්‍යංශ කම්ටුවේ නිර්දේශ ලබා ගැනීමෙන් පසු ලේකම්වරයාට ඒ සඳහා අවසර ලබාදිය හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment