රාජ්‍ය සේවක නිවාඩු කපයි

1084

දැනට විවිධ විශේෂ අවශ්‍යතා සහ උත්සව ආදිය වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ට ලබාදෙන රජයේ නිවාඩු දින අඩුකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුව ඇත.

මේ ගැන අවධානය යොමුවී ඇත්තේ මහජනතාවට අත්‍යවශ්‍ය රාජකාරී ප්‍රමාදයකින් තොරව ඉටුකර ගැනීම වෙනුවෙනි. ඒ අනුව රජයේ නිවාඩු දින අඩුකර වැඩ කරන දින ප්‍රමාණය වැඩිකිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේද දැඩි අවධානය යොමුව ඇත. ඒ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කරන ලෙසද හෙතෙම බලධාරීන්ට උපදෙස් දී තිබේ.

එමගින් රාජ්‍ය සේවය කාර්යක්‍ෂම කිරීම සහ මහජනතාවට රජයේ සේවයත් ප්‍රමාදයකින් තොරව ලබාගැනීමේ හැකියාව සපුරාදෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment