රාජ්‍ය සේවක පඩි ගෙවන්න සල්ලි අච්චු ගහන්න වෙයි – අගමැති බීබීසී සිංහල සේවයට කියයි

175

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා මුදල් මුද්‍රණය කිරීමක් සිදුකළ යුතු යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මුදල් මුද්‍රණය තම ප්‍රතිපත්තිය නොවුණත් මුදල් මුද්‍රණය කිරීමකින් තොරව රාජ්‍ය සේවයේ වැටුප් ගෙවිය නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද අගමැතිවරයා විiුත් නාලිකාවක පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

මෙම වසර අසීරු වසරක් බවත්, ශ්‍රී ලංකාව සතුව විදේශ විනිමය අඩුවීම සහ රජයට ආදායම් අඩු වී ඇති බව ද අගමැතිවරයා කීය. තමා අගමැතිවරයා ලෙස පත්වීමෙන් පසු මිත්‍ර රටවල තානාපතිවරුන් සමඟ සාකච්ඡා කළ බවත්, ඔවුන් සමඟ තවදුරටත් සාකච්ඡා කළ යුතු බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ද සාකච්ඡා කළ බව කී අගමැතිවරයා ඉදිරියේදී ඉන්ධන, පොහොර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගැටලුව තවත් අසීරු තත්ත්වයට පත්විය හැකි බවත් පැවසීය. මෙසේ අසීරු වන්නේ පෙර සූදානමක් නොතිබූ නිසා බව ද අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment