රාජ්‍ය සේවක වැටුප් භාග කතා බොරු!

182

මේ මාසයේ සිට රාජ්‍ය සේවකයන්ට ලබා දෙන්නේ වැටුපෙන් භාගයක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත සම්පූර්ණ අසත්‍යයක් බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවසීය.

අදාළ පුවතෙහි සඳහන් වන්නේ ඒ බව තමා පැවසූ බව යැයි ද එහෙත් තමා රාජ්‍ය සේවකයන්ට වැටුපෙන් බාගයක් ගෙවන බවට කිසිම අවස්ථාවක කිසිවෙකුට හෝ ප්‍රකාශ කර නැතැයි ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අවධාරණය කළේය. මෙය අසත්‍ය හා මහජනතාව නොමග යවන පුවතක් බව ද මහින්ද සිරිවර්ධන මහතා පවසයි. සමාජ මාධ්‍යයේ පැතිර යන පුවතෙහි සඳහන් වන්නේ මේ මාසයේ සිට රජයේ සේවකයන්ට ලබා දෙන්නේ වැටුපෙන් භාගයක් බවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පැවසූ බවට ජ. වි. පෙ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන සුනිල් වටගල මහතා පැවසූ බවටයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment