රාජ්‍ය සේවක වැටුප නියමිත දිනම: – විධායක නිලධාරීන්ගේ වැටුප දිනකට පසුව

65

රාජ්‍ය සේවක වැටුප් සඳහා වැය වන රුපියල් බිලියන 93ක මුදලින් රුපියල් බිලියන 87ක් දැනටමත් වැටුප් ගෙවීම සඳහා වෙන් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා කියා සිටින්නේ ඒ අනුව රාජ්‍ය සේවක වැටුප ජනවාරි 25 වැනිදා නියමිත පරිදි ගෙවීමට හැකි බවයි. විධායක නිලධාරීන්ගේ වැටුප ද එදිනම හෝ දිනක ප්‍රමාදයක් සහිතව ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කියා සිටී. ජනවාරි මාසයේ රජයේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 145ක් වන අතර, රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව දැනටමත් සිය මාසික ඉලක්කගත ආදායම රුපියල් බිලියන 10කින් පමණ අඩු වනු ඇතැයි පවසා තිබේ. ජනවාරි මස රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 625ක් ලෙස ගණන් බලා ඇත. නියමිත ආදායම හිමි වුවත් රුපියල් බිලියන 480ක හිඟයක් ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment