රාජ්‍ය සේවක සිකුරාදා නිවාඩුව 17 සිට ක්‍රියාත්මකයි – ඇමැති දිනේෂ් ගුණවර්ධන

302

රාජ්‍ය සේවකයන්ට සිකුරාදා නිවාඩු දිනයක් ලෙස ලබන සිකුරාදා (17 දා) සිට ක්‍රියාත්මක වන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

අධ්‍යාපන, සෞඛ්‍ය, ජලය, විදුලිය, ආරක්ෂක සේවා, ප්‍රවාහන, වරාය සහ ගුවන් සේවා වැනි අත්‍යවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතන හැර අනෙකුත් රාජ්‍ය ආයතනවල නිලධාරීන් සඳහා ඉදිරි මස 03 ක කාලයකට මෙම නිවාඩුව ක්‍රියාත්මක වේ.

දැනට පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මගී ප්‍රවාහනයට බාධා පැමිණ ඇති බවත් රාජ්‍ය සේවකයන්ට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට මෙය ගැටලුවක් වී ඇති බැවින් මෙම පියවර ගත් බවත් ඇමැතිවරයා කීය.

මේ අතර අධ්‍යාපන හෝ විදේශ රැකියා සඳහා රජයේ නිලධාරීන් සිය සේවා කාලය තුළ මෙතෙක් වසර 3 කට ලබා දී තිබූ වැටුප් රහිත විදේශ නිවාඩුව වසර 05 ක් කිරීමට ද පෙරේදා (13 දා) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment