රාජ්‍ය සේවය අද සිට සාමාන්‍ය පරිදි

220

රාජ්‍ය සේවයේ කටයුතු අද (23දා) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ රාජ්‍ය සේවය ඇතුළු විවිධ ක්‍ෂේත්‍රවලට බලපෑම් එල්ල වී ඇති නමුත් ජනතාවට අවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බවද එම අමාත්‍යාංශ උසස් නිලධාරියෙක් පැවැසීය.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුළු අනෙකුත් සේවාවන්ද සාමාන්‍ය පරිදි අද සිට සිදුකරන බව එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවැසීය. බත්තරමුල්ල රෙජිස්ට්‍රාර්් ජනරාල් දෙපාර්තමේන්තුවේ

පරිගණකවල ඇතිව තිබූ තාක්‍ෂණික දෝෂයද යථා තත්ත්වයට පත්කර ඇති නිසා එම දෙපාර්තමේන්තුවේ සේවාවන්ද සාමාන්‍ය පරිදි සිදුකරන බව එහි අධ්‍යක්‍ෂ ජනරාල් ප්‍රභාත් අබේවර්ධන මහතා පැවැසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment