රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සාමාජිකයන්ට ශ්‍රී ලංකා ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් සුවිශේෂී මෝටර් රථ රක්ෂණාවරණයක්

209

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සාමාජිකයන්ට දිවයින පුරා පිහිටි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශාඛා ජාලය ඔස්සේ ඉතාම පහසුවෙන් සේවා ලබාගැනීමේ හැකියාව හිමි වේ.

මෙරට රක්ෂණ ක්‍ෂේත්‍රයේ දැවැන්තයා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ උපායමාර්ගික සහහෝගීතාවකට අනුව එම හෙද සේවා සංගමය වෙනුවෙන් සුවිශේෂී මෝටර් රථ රක්ෂණයක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් විසින් කටයුතු යොදා තිබේ. මේ යටතේ, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සාමාජිකයන් හට විශේෂ ප්‍රතිලාභ රැසක් ඇතුළු ආකර්ෂණීය මෝටර් රථ රක්ෂණාවරණයක් රට පුරා පිහිටි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශාඛා ජාලය ඔස්සේ පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව උදාවේ.

මෙම රක්ෂණාවරණය යටතේ විශේෂ වරප්‍රසාද ගණනාවක් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සාමාජිකයන්ට පිරිනැමේ. අනතුරු හානියකදී අදාළ ස්ථානයටම පැමිණ රක්ෂණය සඳහා වන පරීක්ෂාවන් සිදුකිරීම, එසේම අනතුරකදී රක්ෂණ සමාගමේ පරීක්ෂකයෙක් පැමිණෙන තුරු රැඳී සිටීමකින් තොරව අනතුර සම්බන්ධයෙන් දුරකථන මාර්ගයෙන් දැනුම් දී තමා පැමිණි ගමන යෑමට අවස්ථාව සැලසීම හෙවත් Call and Move පහසුකම, දිවයින පුරා සිටින නියෝජිතයන් සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලියාපදිංචි අලුත්වැඩියා ආයතන විසින් අතින් මුදල් නොගෙවා අලුත්වැඩියාවන් කර ගැනීමේ හැකියාව ආදිය මේ අතර වේ.

මෙරට පිරිනැමෙන ඉහළම වරප්‍රසාද සහිත රක්ෂණ සැලැස්මක් මෙවැනි සුවිශේෂී මිලක් යටතේ ලබාගැනීමට හැකිවීම, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සාමාජිකයන් හට සිය මෝටර් වාහන රක්ෂණය අවශ්‍යතාවයේ මෙතෙක් පැවැති අභියෝග අවම කරවනු ඇත.

ලලිත් ද සිල්වා මහතා -ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බෙදාහැරීම් ප්‍රධානී (සාමාන්‍ය රක්ෂණ), එස් කුමාරි පිටිගල මහත්මිය – රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ විධායක සභික, ආචාර්ය පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි – බුද්ධ ශාසන සෝභන, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක/ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සංගමයේ ගරු සභාපති, ප්‍රියන්ත පෙරේරා මහතා – ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන නිලධාරී (සාමාන්‍ය රක්ෂණ), සරත් ප්‍රනාන්දු මහතා – ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නියෝජ්‍ය ප්‍රධාන අධිකාරී (මෝටර් රථ), වරුණි නෝනිස් මහත්මිය – ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජේෂ්ඨ කළමනාකාරිණී (මෝටර් රථ). ඩී. එල්. තිලකරත්න මහතා – රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ කාර්යාල සහකාර, සුදීර හෙට්ටිආරච්චි මහතා – රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ විධායක සභික, මනෝජ් ප්‍රසන්න මහතා – ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජේෂ්ඨ කණ්ඩායම් මූල්‍ය උපදේශක, මහේන් ගුණවර්ධන මහතා – ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජේෂ්ඨ සහකාර කළමනාකරු (මෝටර් රථ), නලීන් පටබැඳිගේ මහතා – ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජේෂ්ඨ කළමනාකරු (විශේෂ ව්‍යාපෘති) යන මහත්ම මහත්මිහු ඡායාැරපයේ වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment