රාජ්‍ය ආයතනවලට වාහන ගෙන්වීමට විවෘත කළ ණයවර ලිපි අවලංගු කළා

432

අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතනවලට වාහන ආනයනය කිරීම ස`දහා විවෘත කර තිබූ ණයවර ලිපි අවලංගු කිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කළ බව කැබිනට් ප‍්‍රකාශක ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ස`දහන් කළේය.
 
 එම ණයවර ලිපි නිකුත් කර තිබූ බැවින් එයට සම්බන්ධ පාර්ශ්ව තුන වන භාණ්ඩාගාරය, බැංකුව සහ නිෂ්පාදකයා යන පාර්ශ්ව එක්ව සිදු කළ සාකච්ඡුාවලින් අනතුරුව එම පාර්ශ්ව තුනේම එක`ගතාවෙන් මෙම තීරණය ගෙන ඇති බවද ඇමැතිවරයා ස`දහන් කළේය.
 
 අදාළ මූල්‍ය සමාගම් සම`ග සාකච්ඡුා කිරීමෙන් අනතුරුව මුදල් අමාත්‍යාංශය මෙම පියවර ගෙන තිබෙන බව පැවසූ ඇමැතිවරයා, ඇතැමුන් නාට්‍යානුසාරයෙන් විවිධ ප‍්‍රකාශ කළද රටේ පවතින තත්ත්වය මත මුදල් ඇමැතිවරයා වන අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුව සමස්ත කැබිනට් මණ්ඩලයම වාහන ආනයනය නතර කිරීමට සාමූහික වශයෙන් ප‍්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබුවේ මීට සති දෙකකට පමණ ඉහතදී බවද පෙන්වා දුන්නේය.
 
 කැබිනට් තීරණ දැනුම්දීම ස`දහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.

 සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment