රාජ්‍ය ආයතන 55 කට ටි‍්‍රලියන 1.2 ක පාඩුවක්

1178

ඛණිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය, සතොස සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය යන රාජ්‍ය ආයතන 05 ඇතුළු රාජ්‍ය ආයතන 55 ක 2006 වසරේ සිට 2020 වසර දක්වා සිදුව ඇති පාඩුව රුපියල් ටි‍්‍රලියන 1.2 ක් බව අනාවරණය වී ඇතැයි ප‍්‍රවීණ ආර්ථික උපදේශක වරයකු වන මහාචාර්ය රොහාන් සමරජීව මහතා පවසයි. මෙම රාජ්‍ය ආයතන 05 හි 2019 වසරේ දිනක පාඩුව රුපියල් කෝටි 38 කට (384,479,189) අධික බවද සඳහන් කරයි.

මෙය ජාතික ආර්ථිකයට බරපතල ලෙස බලපා ඇතැයි පවසන ඒ මහතා වහාම එම ආයතන ප‍්‍රතිසංධානය වියයුතු යැයි සඳහන් කරයි.

එහිදී දැනට විශාල ලෙස පාඩු ලබා තිබෙන ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය පිළිගත් පෞද්ගලික ආයෝජකයකු වෙත පවරා ප‍්‍රතිසංධානය කඩිනමින් සිදුකළ යුතු බවත් පවසයි.

එසේ නොවුනහොත් ඉදිරියේදී රටේ ආර්ථිකයට දැඩි බලපෑම් ඇතිවිය හැකි බව පවසන මහාචාර්ය රොහාන් සමරජීව මහතා මේ වනවිට මෙම රාජ්‍ය ආයතනවල ඵලදායිතාවය වසර 30 කට පසු සියයට 1% වඩා අඩු වට්ටමකට පත්ව ඇතැයිද සඳහන් කරයි.

පෞද්ගලීකරණය විවිධාකාරයෙන් සිදුකළ හැකි බවත් එය රටේ ආර්ථිකයට ඵලදායී අයුරින් සිදුකළ යුතු බවත් පවසන ඒ මහතා ඒ සඳහා හොඳම නිදර්ශනය ශ‍්‍රී ලංකා ටෙලිකොම් බව පවසයි. එය පෞද්ගලීකරණය කිරීමේ ක‍්‍රමවේදය තුළින් දුරකථන ග‍්‍රාහකයිනට උසස් සේවා පහසුකම් ලැබී ඇතැයිද සඳහන් කරයි.

එසේම ඉන් රජයට රුපියල් බිලියන ගණනින් මුදල් උත්පාදනය කරන බවත් සේවකයිනටද පහසුකම් රැුසක් හිමිව ඇති බවත් පවසයි.

එලෙස රටට හිතකර ලෙස මෙම පාඩු ලබන රාජ්‍ය ආයතන ප‍්‍රතිසංධානය නොකළ හොත් මෙම ආයතන කඩා වැටී රටේ ආර්ථිකයට බරපතල ගැටලූ රැුසක් ඇති වන බවද මහාචාර්ය රොහාන් සමරජීව මහතා පවසයි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment