රාජ්‍ය ඇමතිගේ ඉල්ලා අස්වීම ප‍්‍රමාණවත් නෑ – ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා (ජවිපෙ)

217

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප‍්‍රමාණවත් නැති බවත් ඔහුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර නීතිය ක‍්‍රියාත්මක කිරීමට රජය අනිවාර්යෙන්ම කටයුතු කළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (15 වැනිදා) ‘දිවයින’ට අදහස් දක්වමින් සඳහන් කළේය.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් මතු වූ විරෝධය මගහරවා ගැනීමට ඉල්ලා අස්වීම සිදුව ඇති බවත් ඉල්ලා අස් කිරීමක් කරවා ප‍්‍රශ්නය මගහරවා ගැනීමට කටයුතු කරන්නේ නම් එය ප‍්‍රශ්නයට අදාළව ගත යුතු සුදුසු පියවර නොවන බවත් හෙතෙම කීවේය.

හිටපු රාජ්‍ය ඇමැතිවරයා පැහැදිලිවම සාපරාධී බලහත්කාරයක් සහ බිය වැද්දීමක් සිදුකර ඇති බවත් හෙතෙම පැවසීය.

ඉල්ලා අස්වීම තුළ ඔහුට එල්ල වී ඇති චෝදනා  පිළිගැනීමකට ලක්ව ඇති බවත් කී හෙතෙම එහෙයින් රජයට මෙම සිදුවීම ඉල්ලා අස්වීමකට ලඝු කර නිදහස් වීමට නොහැකි බවත් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය. වැලිකඩ සිදුවීම, මහර සිදුවීම එවැනි සිදුවීම්  ගණනාවකට චෝදනා එල්ල වී ඇති වත්මන් රජය බන්ධනාගාර ගත කර ඇති රැුඳවියන් වෙනුවෙන් අනුගමනය කරනු ලබන්නේ මානව විරෝධී බලහත්කාර ප‍්‍රතිපත්තියක් බව මෙම සිදුවීම් දාමය තුළින් ඔප්පු වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් දිවයිනට අදහස් දක්වමින් කියා සිටියේය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment