රාජ්‍ය දේපළ වංචාව 95%ට වැඩි වෙලා – ඕමාරේ කස්සප නාහිමි

157

*දෙමටපිටියේ සෝමානන්ද හිමියන්ට සංඝනායක පදවි පිරිනැමීමේ උත්සවය

1948 ඉඳල 2021 මේ දක්වාම මේ රට පාලනය කළේ පරදේශිකයන් සුද්දෝ නෙවෙයි. මේ රටේ උපන් ජනතාවයි. ඒත් අද මොකද වෙලා තියෙන්නේ එදා සියයට දශම පහක් තිබූ රාජ්‍ය දේපළ වංචා අද සියයට අනූපහට වැඩිවී ඇති බව ශ්‍යාමෝපාලි මහා වංශික ශ‍්‍රී රෝහණ පාර්ශ්වයේ අනුනායක මහා ලේඛාධිකාරී රුහුණු රට භික්ෂු පෙරමුණේ ගරු සභාපති සපුගොඩ ඉලංගම්ගොඩ පුරාණ විහාරාධිපති පූජ්‍යපාද ඕමාරේ කස්සප නාහිමිපාණන් වහන්සේ කීහ. උන්වහන්සේ මේ අදහස් පළ කළේ පසුගිය දා හක්මන ශ‍්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ පැවැති උත්සව සභාව අමතමිනි.

රාජ්‍ය දේපළ වංචාව 95%ට වැඩි වෙලා - ඕමාරේ කස්සප නාහිමි

හක්මන ශ‍්‍රී පුෂ්පාරාම මහා විහාරාධිපති කෝංගල අභය මධ්‍ය මහා විiාලයේ විශ‍්‍රාමික විදුහල්පති පූජ්‍ය දෙමටපිටියේ සෝමානන්ද හිමියන්ට, මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ‍්‍රී රෝහණ පාර්ශ්වයේ සංඝ සභාව මගින් සද්ධර්ම වාගීෂ්වර ශ‍්‍රී සෝමරතන ශ‍්‍රී සෝමාලෝක ශ‍්‍රී සෝරතිභිධාන යන ගෞරව නාමය සහිතව මාතර මහා දිසාවේ කන්දබඩ පත්තුවේ ප‍්‍රධාන සංඝ නායක පදවිය පිරි නැමීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්විණි. සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රමවේදයන් අනුගමනය කරමින් මෙම උත්සවය පැවැත්විණි.

හක්මන කෝංගල සිට දර්ශනීය පෙරහැරකින් උන්වහන්සේ විහාරස්ථානය වෙත වැඩම කළහ. අනතුරුව පැවැති උත්සව සභාවේ දී වැඩි දුරටත් කතාකළ උන්වහන්සේ එදා කොස් ගෙඩියක් පොල් ගෙඩියක් හොරෙන් කැඩුව නම් ඒ මිනිසාට විරුද්ධව නීතිය කි‍්‍රයාත්මක කළා. උසාවිවලින් දඬුවම් ලබා දුන්නා. ඒත් අද නැෂනල් ඇඳගත් ඉතා හොඳට වැදගත් විදියට මහජනයා මැද ඉඳගෙන මිලියන ගණන් නොවෙයි බිලියන ගණන්  ගහන්නේ එක අත්සනකින්. ඉතින් රට දියුණු වන්නේ කොහොමද? මේ ආණ්ඩුව බලයට පත් කරන්න අපි ගත්ත උත්සාහයට දැන් මොකද වෙලා තියෙන්නේ. අපේ පරවි දූපතට යන්න පාර හදාගන්න බැරි වුණා. අපි ඒ ගැන කනගාටු වෙනවා.

මම මේ එක පුද්ගල කණ්ඩායමකටවත් ඇ`ගිල්ල දික් කරනවා නොවෙයි. අප කනගාටු වෙනවා මෙහෙම රටක් ගැන.

මේ අපේ ජීවිතවල අවසන් භාගයයි. ඒත් අපේ මතු පරම්පරාවට රටක් ඉතුරු වෙන්න ඕන. එහෙම නැත්නම් ඒ පරම්පරාව අපට දොස් කියනවා. මීට වඩා මේ රට හැදෙන්න ඕනෑ.

මහබැංකුවේ ගහපු ගැහිලි ඒවට කට උත්තර නැහැ. ඒක සොයන්න කෙනෙක් නැහැ. ඒවා අවුරුදු ගාණක් පල් වෙවී ඔහේ තිබෙනවා. ඉතිං රට හැදෙන්නේ කොහොමද. හක්මන උඩුපිල්ලගොඩ ශ‍්‍රී සුධර්මාරාම රාජමහා විහාරාධිපති මාතර දිසාවේ ප‍්‍රධාන සංඝනායක මුළු දිවයිනටම සාම විනිසුරු මාලිම්බඩ හේමාලෝක හිමි.

වෙහෙර විහාර බෝ මළු වගේ භෞතික සම්පත් මොනතරම් තිබුණත් සංවර්ධනය කළත් වැඩක් නැහැ. මේ ශාසනය ඉදිරියට ගෙන යෑමට භික්ෂූන් වහන්සේලා නැති නම්.

ශ‍්‍රී විවේකාරාමය ඇතුළු විහාර ගණයේ අධිපති විනයාචාර්ය ග‍්‍රන්ථ කර්තෘ ගැටමාන්නේ ධම්මාලංකාර හිමි- නායක පදවියක් දෙන්නෙ කිසියම් අරමුණක් ඇතිවයි. නායකත්වය වැරදුණොත් ඒ සමාජයක් හෝ සංවිධානයක් විනාශ වෙනවාමයි. අපේ රටේ ඉතිහාසය අනුව අවුරුදු ගණනාවක් ඔප්පු කර තිබෙනවා.

නායකත්වය ලබාගන්න වගකිවයුතු ඇත්තන් හරිහැටි එය ඉටු නොකළ නිසාමයි මේ රටට දැවැන්ත විනාශයක් වුණේ.

මෙම අවස්ථාවට භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් වැඩම කර සිටියහ. හක්මන ආසනයේ පොදුජන පෙරමුණේ සංවිධායක සරත් ද අල්විස්, සමගි ජනබලවේගයේ ආසන සංවිධායක රංජිත් මුණසිංහ,

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායක අමරසේකර හක්මන ප‍්‍රාදේශීය ලේකම් පී. එන්. රංජිත් මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

මුලටියන කේ. වසන්ත

advertistmentadvertistment
advertistmentadvertistment