රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියාගෙන් සීඅයිඞීයට පැමිණිල්ලක්

236

පාස්කු ඉරු දින ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියනම ඇතුළු පිරිසක් සිදු කළ ප‍්‍රකාශයකට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවාවේ ප‍්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (25දා) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම ප‍්‍රහාරයට නායකත්වය දුන් ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ට ශී‍්‍ර ලංකා බුද්ධි අංශ විසින් මූල්‍යමය සහ වෙනත් සහයෝගය ලබා දුන් බව ඉකුත් 23 වැනිදා (සෙනසුරාදා) සූම් තාක්‍ෂණය ඔස්සේ පැවති සාකච්ඡුාවකදී සිරිල් ගාමිණී පියනම ස`දහන් කර ඇත.

සහරාන් හෂීම් සහ අනුගාමිකයන් පෝෂණය කිරීමට එවකට බි‍්‍රගේඩියර්වරයකු වූ සුරේෂ් සලේ කි‍්‍රයාකාරී වැඩ කොටසක් සිදු කළ බවටද සිරිල් ගාමිණී පියනම චෝදනා කර ඇති අතර, එම ප‍්‍රකාශය තුළින් තමන් මෙන්ම පවුලේ අයගේ ජීවිත ද අනතුරට හෙළා ඇතැයි මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිය පැමිණිල්ලෙන් පෙන්වා දී තිබේ.

එම සියලූ චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සිය පැමිණිල්ලේ වැඩිදුරටත් ස`දහන් කර ඇති රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා, සිරිල් ගාමිණී පියතුමන් එසේ ප‍්‍රකාශ කිරීමේ අරමුණ වන්නේ පොදු මහජනතාව නොම`ග යවමින් හිතාමතාම තමන්ගේ කීර්ති නාමයට හානි කිරීම බවද පවසයි.

මෙවැනි අසත්‍ය චෝදනා එල්ල කිරීමෙන් ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමෙහිලා විශාල කාර්යභාරයක් ඉටු කරන බුද්ධි නිලධාරීන්ටද නැවත සකස් කළ නොහැකි හානියක් සිදුවන බව පෙන්වා දී ඇති මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිය පැමිණිල්ල මගින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත්තේ මෙම තත්ත්වය තුළ සිරිල් ගාමිණී පියනම ඇතුළු අදාළ සංවාදයට සහභාගි වූ අනෙකුත් පුද්ගලයන්ට එරෙහිව නිසි නෛතික කි‍්‍රයාමාර්ග ගන්නා ලෙසය.

කුමන තත්ත්වයක් යටතේ හෝ කිසිදු දිනෙක සහරාන් හෂීම් හෝ ඔහුගේ සගයන් සම`ග කිසිම ආකාරයක සන්නිවේදනයක් සිදු නොකළ බවද රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා අදාළ පැමිණිල්ලෙන් අවධාරණය කර ඇත.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment