රාජ්‍ය මාධ්‍ය ආයතන පූර්ණ වෙනසකට

526

රාජ්‍ය මාධ්‍ය ආයතන සියල්ල ලබන වසරේ සිට පූර්ණ වෙනසකට ලක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා උපදෙස් දී ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය ගුවන්විදුලි සංස්ථාව, ලේක් හවුස් ආයතනය යන රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප‍්‍රධාන තනතුරු කිහිපයක වෙනස් කම් සිදුවනු ඇතැයිද වාර්තාවේ.

රාජ්‍ය මාධ්‍ය ආයතන වෙත දේශපාලන හිතවත්කම් මත පත්වීම් සිදු නොකර නිර්මාණශීලී පුද්ගලයින් තනතුරු සඳහා බඳවා ගැනීමට කටයුතු කරන ලෙස මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස අනූෂ පැල්පිට මහතා ජනවාරි 01 වැනිදා ධුරයේ වැඩ භාරගත් පසු අදාළ වෙනස්කම් සිදු කරන ලෙස ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාට උපදෙස් දී ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment