රාජ්‍ය සේවකයන්ට ඩයලොග් හෝම් බ්‍රෝඞ්බෑන්ඞ් වෙතින් සුවිශේෂී ඬේටා පැකේජ රැසක්

253

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී හි උපසමාගමක් වන ඩයලොග් බ්‍රෝඞ්බෑන්ඞ් නෙට්වර්ක්ස් පුද්.සමාගම, රටේ සංවර්ධනය උදෙසා සිය නොමඳ දායකත්වය ඉමහත් කැපවීමෙන් යුතුව ලබාදෙන රාජ්‍ය සේවකයන්ට කෘතගුණ සැලකීමක් වශයෙන් සුවිශේෂී හෝම් බ්‍රෝඞ්බෑන්ඞ් පසුගෙවුම් ඬේටා පැකේජ රැසක් හඳුන්වාදීමට කටයුතු කර ඇත.

මෙම සුවිශේෂී දීමනාවට, රු.600 ක අවම මාසික ගාස්තුවක සිට ඇරඹෙන(15GB Anytime Data සහ 15GB FREE Night Bonus Data) පැකේජයක සිට රු.9,900 (360GB Anytime Data සහ 360GB FREE Night Bonus Data)  දක්වා පසුගෙවුම් පැකේජ රැුසක් හඳුන්වාදී තිබේ. එමෙන්ම මෙම සුවිශේෂී පැකේජයක් සමඟින් ඩයලොග් හෝම් බ්‍රෝඞ්බෑන්ඞ් රවුටරයක් මිලදී ගන්නා විට රු.1000 තවත් සුවිශේෂී දීමනාවක් ලබාදෙන අතර දීමනාවෙන් පසු රවුටරයේ මිල රු.1990 ක් වේ. රාජ්‍ය අංශයේ සේවකයින්ට සිය රාජ්‍ය සේවා හැඳුනුම්පත හා වැටුප් ලේඛනයක් ඉදිරිපත් කර ඩයලොග් පාරිභෝගික සේවා මධ්‍යස්ථානවලින් හෝ දිවයින පුරා බලයලත් අලෙවි නියෝජිතයන්ගෙන් මෙම දීමනාව ලබාගත හැක.

advertistmentadvertistment
advertistmentadvertistment