රාජ්‍ය සේවකයාත් ෆේල්-මහින්ද අමරවීර

313

රට මේ වන වැටී ඇති තත්ත්වයෙන් පෙනී යන්නේ දේශපාලකයා මෙන්ම රාජ්‍ය සේවකයාත් අසමත් වී ඇති බව යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප‍්‍රකාශ කළේය.
2022 නව වසරේ රාජකාරි ආරම්භ කිරීම සඳහා ඊයේ දින (03) පරිසර අමාත්‍යාංශයේ දී පැවැති නිලධාරි හමුව අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා-
අපේ රටේ ජනගහනයෙන් 15ට එක් අයෙක් රාජ්‍ය සේවකයෙක්. සමහර විට මෙම වසර වනවිට මෙම ඉළක්කම තවත් වෙනස් වෙන්න පුලූ‍වන්. උපාධිධාරින් 50,000ක් ස්ථිර කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ වගේම තවත් ලක්ෂයක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සිදු කර තිබෙනවා. රාජ්‍ය සේවය ශක්තිමත් වීම මගින් තමයි රටක් සංව්රධනය කළ හැකි වන්නේ.
නමුත් අපේ රටේ ගත වූ වසර 74ක පමණ කාලය තුළ රටේ ආර්ථික සංවර්ධනය සතුටුදායක මට්ටමක නැහැ. ඒකට දේශපාලඥයින් ඝෘජුවම වග කිව යුතුයි. මමත් ඒකකට වගකියන්න ඕනෑ. ඒ වගේම අද අපේ රටේ ඒක පුද්ගල ණය ප‍්‍රමාණය රුපියල් ලක්ෂ 08ක් පමණ වෙනවා. මේ හැම එකකින්ම පෙනෙන්නේ දේශපාලඥයා වගේම රාජ්‍ය සේවකයාත් අසමත් කියන එකයි.

advertistmentadvertistment
advertistmentadvertistment