රාජ්‍ය සේවක විශ‍්‍රාම වයස 65 ට දික් කරන්න එපා – පරිපාලන සේවා සංගමය රජයෙන් ඉල්ලයි

337

රාජ්‍ය සේවයේ විශ‍්‍රාම වයස අවුරුදු 65 දක්වා දික් නොකරන ලෙසට ශී‍්‍ර ලංකා පරිපාලන සේවා සංගමය ජනාධිපති, අගමැති ඇතුළු වගකිවයුතු අංශ වෙත ලිඛිතව ඉල්ලීමක් කර ඇත.

රාජ්‍ය සේවයට බඳවා ගැනීම් නතර කිරීමට තීරණය කර ඇතත් වෛi, හෙද, ගුරු ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වාර්ෂිකව බඳවා ගැනීම් කළ යුතු බවත් රාජ්‍ය සේවයට අත්‍යවශ්‍ය නොවන පිරිස්ද නිතර බඳවා ගැනීම් නැවැත්වීමට පියවර ගන්නා ලෙස අදාළ අංශවලින් ඉල්ලා සිටි බවද එම සංගමයේ සභාපති විදුල රෝහණ මහතා ‘දිවයින’ට ඊයේ (26 දා) පැවසීය.

බඳවා ගැනීම් සිදුකරන වර්ෂ අනුව වසරකට රාජ්‍ය සේවයෙන් 25,000 ත්, 30,000 ත් අතර පිරිසක් විශ‍්‍රාම යන බවත් රාජ්‍ය සේවයට අවශ්‍යම පිරිස බඳවා නොගතහොත් වසර කිහිපයකින් එහි අනිසි ප‍්‍රතිඵලවලට රටට මුහුණ දීමට සිදුවන බවද හෙතෙම කීය.

අර්ධ රාජ්‍ය සේවය මේ වන විට අවුරුදු 62 දක්වා දීර්ඝ කර ඇති ආකාරයෙන් සමස්ත රාජ්‍ය සේවයම අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට පෙර සේවය දීර්ඝ කළ යුත්තේ කුමන අංශද යන්න සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයක් කර අවශ්‍යම පිරිසට ඒ සඳහා අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටි බවද රෝහණ මහතා පැවැසීය. උදාහරණ ලෙස වෛi, හෙද, ගුරු, තාක්‍ෂණික ඇතුළු සේවාවන් හඳුනාගෙන සේවා දිගු කිරීම් කළ යුතු බවද මෙම සේවාවල පිරිස හෝ දීර්ඝ කරනවා නම් නිසි සෞඛ්‍ය තත්ත්වයෙන් සිටිනවාද යන්න අධ්‍යයනයක් කළ යුතු බව රජයට යෝජනා කළ බවද ඔහු කීය. ආරක්‍ෂක අංශවල පිරිස් වසර 20-22 වැනි සේවා කාලයකින් පසුව විශ‍්‍රාම යන අතර ඔවුන් සම්බන්ධයෙන් කුමන කි‍්‍රයාමාර්ග ගන්නවාද යන්න පැහැදිලි නැතැයිද ඔහු පැවසීය.

විශ‍්‍රාම ලබා සිටින සහ විශ‍්‍රාම යෑමට නියමිත පිරිස් සඳහා ගෙවීමට අවශ්‍ය රුපියල් බිලියන 30 ක මුදල ගෙවීමේ අපහසුතාවයන් සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවයට බඳවා නොගන්නා බව රජය ප‍්‍රකාශ කළත් එය ප‍්‍රායෝගික තීරණයක් නොවන බව තම සංගමයේ මතය බවද ඒ මහතා පැවැසීය.

රජය මෙවැනි තීරණයක් ගතහොත් වර්ෂයෙන් වර්ෂයට විශ්වවිiාල ඇතුළු රටේ ශ‍්‍රම බළකායට ඇතුළත්විය හැකි  රැුකියා ජනිත වීමක් සිදුනොවුනහොත් ඔවුන් නැවත ඒකරාශීවී රජයට අබියෝග කළ හැකි ගැටලූ නිර්මාණය වන නිසා එයත් සැලකිල්ලට ගත යුතු බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment