රාජ්‍ය සේවයට බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් 51,682කට ස්ථිර පත්වීම්

299

රු.41,490ක මාසික වැටුපක් පන්දහසේ දීමනාවත් දෙනවා

* ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්

රැුකියා විරහිත උපාධිධාරීන් රැුකියාගත කිරීමේ වැඩසටහන යටතේ 2020 වසරේ බඳවාගත් උපාධිධාරී අභ්‍යාසලාභීන් 58,145ක් අතරින් 51,682 කට ස්ථිර පත්වීම් ලබාදුන් බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (05 දා) පැවසීය. ඉතිරි උපාධිධාරීන් පිරිස ලබන අපේ‍්‍රල් 01 වැනිදා සිට ස්ථිර සේවයට අන්තර්ග‍්‍රහණය කරන බව ද හෙතෙම කීය.

වසරක පුහුණුවකින් පසු ජනවාරි 03 වැනිදා සිට ස්ථිර සේවයට අන්තර්ග‍්‍රහණය කරන මෙම අභ්‍යාසලාභියකු සඳහා 31,490ක මූලික වැටුප සමග සියලූ දීමනා ද එකතුව රුපියල් 41,490ක වැටුපක් මාසිකව හිමිවන බවද, රාජ්‍ය සේවකයන් සඳහා ලබාදෙන රුපියල් පන්දහසේ දීමනාව ද මේ පිරිසට ලබාදෙන බවද ඇමැතිවරයා පැවසීය.

ස්ථිර පත්වීම් ලැබූ 27,437ක් පළාත් රාජ්‍ය සේවාවල අවශ්‍යතාව අනුව පළාත් රාජ්‍ය සේවයේ පත්වීම් ලබාදීම සඳහා පළාත් සභා විසින් මේ වනවිට සම්මුඛ පරීක්‍ෂණ පවත්වා පත්වීම් ලබාදීමේ කටයුතු සිදුකරගෙන යන බව ද ඇමැතිවරයා කීය. ඒකාබද්ධ සේවයේ සංවර්ධන නිලධාරීන් ලෙස පත්වීම් ලබන පුහුණුලාභීන්ගේ පත්වීම් ලිපි දිස්ත‍්‍රික් ලේකම්වරුන්ට සහ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු වෙත යැවීමට සූදානම් කරමින් තිබෙන බව ද ඇමැතිවරයා පැවසීය.

මෙම පිරිසෙන් 21,000ක පමණ පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ හා පළාත් සභා යටතේ ඇති පාසල්වලට සංවර්ධන නිලධාරීන් ලෙස පත්කර ඉන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යාංශය සහ පළාත් ගුරු සේවයේ පුරප්පාඩු සඳහා ඔවුන්ට අයදුම් කිරීමට අවස්ථාව ලබා දී අනතුරුව ඔවුන් ඒකාබද්ධ සේවයෙන් ඉවත්කර එම ආයතනවලට අනුයුක්ත කිරීමට සැලසුම් කර තිබෙන බව ද ඇමැතිවරයා අවධාරණය කර සිටියේය.

නවක පත්වීම් ලබන සියලූදෙනාම ඔවුන් පදිංචි දිස්ත‍්‍රික්කවල හා පළාත් තුළ ස්ථානගත කිරීමට කටයුතු කර ඇති අතර, ඉතා සීමිත අවස්ථාවන් හිදී පමණක් පළාතින් පිටත ස්ථානගත කිරීමට කටයුතු කර ඇතැයි ද ඇමැතිවරයා කීය.

මෙම මාධ්‍ය හමුව සඳහා අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි, ඒකාබද්ධ සේවා අධ්‍යක්‍ෂ ආලෝක බණ්ඩාර, අමාත්‍යාංශයේ උපදේශක මහින්ද මඩියහේවා යන මහත්වරු ද එක්ව සිටියහ.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment