රාජාධිරාජසිංහ රජ සමයේ රචිත කැටකිරිලි සංදේශය

248

සංස්කරණය – අමරසේකර පහළවිතාන – ඇඹිලිපිටිය

පසළොස් වන ශත වර්ෂයේදී (ක්‍රි. ව. 1780 – 1798) ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී රාජාධිරාජසිංහ රජතුමා රාජ්‍ය කරන සමයෙහි කැටකිරිලි පක්ෂියෙක් දූත මෙහෙවරෙහි යොදා මෙම සංදේශය රචනා කරන ලද හෙයින් කැටකිරිලි සංදේශය නමින් ව්‍යවහාර වී ඇත.

කොළොන්න කෝරළයේ දොරපනේ එවකට (කවුළු රණ පියස) ගමේ විසූ පඬිවරයකුගේ මුණුබුරෙක් වන මෙම ප්‍රදේශයේ වලව්ගොඩ අද (වලල්ගොඩ) නමින් හැඳින්වෙන ගමේ මුකවෙට්ටි අතපත්තු මුහම්දිරම් යන පඬිවරයෙක් මෙය රචනා කර ඇති බව සබරගමුවේ ලේකම්මිටිය නම් පුස්කොල පොතේ සඳහන් වේ.

මෙම සංදේශය පුස්කොලවල ලියා ඇති අතර එම පිටපත කිරිඇල්ලේ ඥානවිමල හිමියන් විසින් සංස්කරණය කොට 1937 මැයි 12 මාරපන ශ්‍රාස්ත්‍රෝදය පිරිවෙනේදී ග්‍රන්ථාරූඪ කොට එළිදක්වා ඇත. එය ද එවකට පැවති මුද්‍රණ ක්‍රම අනුව සීමිත පිටපත් සංඛ්‍යාවක් පමණි.

ඇඹිලිපිටියෙන් බිහි වූ සාහිත්‍ය හා කැටකිරිලි සංදේශය මැයින් විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (වැඩිහිටි) ග්‍රන්ථ කර්තෘ විලියම් වීරසේකර මහතා විසින් ඇඹිලිපිටිය වෘත්තාන්තය ග්‍රන්ථයට (ඕමල්පේ සෝභිත හිමිගේ සංස්කරණයක්) සපයන ලද ලිපියෙන් මෙය අනාවරණය වී ඇත. එම සංදේශය පිළිබඳ ගවේෂණය කොට ඉදිරිපත් කිරීමට උනන්දුවක් දැක්වූ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරිනී කේ. ජී. කාන්ති මහත්මිය එම කාර්යය ඉටුකරන ලෙස තම හිතවත් කිවිපති/ කලාභූෂණ/ කාව්‍ය විශාරද/ සාමවිනිසුරු පොතුපිටියේ අමසේකර පහළවිතාන මහතාට පවරන ලද අතර, මෙම පොත ගැන මහත් පරිශ්‍රමයක් යොදා මුකවෙට්ටි අතපත්තු මුහන්දිරම් පඬිවරයාගේ පරම්පරාවේ මුණුබුරෙකු වන දොරපනේ සුමනසේන අතපත්තු මොහොට්ටි විශ්‍රාමික විදුහල්පතිතුමා ළඟ පිටපතක් තිබී අවුරුදු 85 කට පසු දෙවන සංස්කරණය කොට එළිදක්වා ඇත.

සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment