රාජාසන කතාව ගැන රනිල් විවාදයක් ඉල්ලයි

188

පාර්ලිමේන්තු නව සැසිවාරය අරඹමින් ජනාධිපතිවරයා විසින් පැවැත්වීමට නියමිත රජයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය (රාජාසන කතාව) සම්බන්ධයෙන් විවාදයක් ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී රනිල් වික‍්‍රමසිංහ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත.

පක්ෂ නායකයන් සමග සාකච්ඡුා කිරීමෙන් අනතුරුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය ලබන 19, 20 හෝ 21 යන දිනක පැවැත්විය හැකි බවද රනිල් වික‍්‍රමසිංහ මහතා එම ලිපියෙන් ඉල්ලා සිටී. ඉහත විවාදය සම්බන්ධයෙන් තමා ජනවාරි 3 වැනිදා සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ දුරකථනයෙන් කතා කළ බව පවසන රනිල් වික‍්‍රමසිංහ මහතා, ජනාධිපතිවරයාගේ ප‍්‍රතිපත්ති පිළිබඳ කතාවට පසුව ඊට අදාළව මෙවැනි විවාදයක් පැවැත්වීම 1978 ව්‍යවස්ථාව ගෙන ඒමෙන් පසුව සම්ප‍්‍රදායක් ලෙස පැවත ගෙන එන බව ද සඳහන් කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය දෙසැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමට තීරණය කළ අතර ලබන 18දා මීළඟ සැසි වාරය ආරම්භ කිරීමට නියමිතව ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment