රාජිතගේ එදා ලේකම් සම්බන්ධවූ අල්ලස් කොමිසමේ ඇති නැව් අටේ ලේඛන සීඅයිඞීයට දෙන්න

591

* කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් නියෝග කරයි

රාජිත සේනාරත්න මහතා ධීවර අමාත්‍යධුරය දරන කාලයේදී ඔහුගේ ලේකම්වරයකු ලෙස කටයුතු කළ දොන් ලලිත් අනුරාධ නමැත්තාගේ නමින් නැව් අටක් වංචනික ආකාරයට ධීවර අමාත්‍යාංශය ලබාගැනීමට අදාළ ලිපි ලේඛන වහාම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ලෝචනී අබේවික‍්‍රම මහත්මිය ඊයේ (22 වැනිදා) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියෝග කළාය. මෙම ලිපි ලේඛන මේ වනවිට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට ගෙන ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් තම දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඉන් පෙර විමර්ශනයක් ආරම්භකොට තිබූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එම නැව් මිලදී ගැනීමට අදාළ සියලූ ලේඛන ඔවුන්ගේ භාරයට ගෙන ඇති බවත් ඒවා තම දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසට අවස්ථා තුනකදී ලිඛිතව ඉල්ලීම් කළත් මේ දක්වා කිසිදු ලේඛනයක් ලබාදී නැති බවත් පවසමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීමක් සලකා බැලූ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එම නියෝගය කළාය.

පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයට කරන ලද පැමිණිල්ලක් අනුව එම විමර්ශන ආරම්භ කොට තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment