රාජිතගේ ධීවර වරාය නඩුව කල් යයි

123


2014 වසරේ මෝදර ධීවර වරාය පුද්ගලික සමාගමකට බදුදීමේදී රජයට පාඩු සිදුකළේ යැයි චෝදනා කරමින් එවකට ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව යළි මාර්තු මස 30 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළේය.

එම නඩුව අදකොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසම විසින් එම නඩුවට අදාළ ලේඛන කිහිපයක් විත්ති පාර්ශවයේ නීතිඥවරු වෙත භාරදුන් අතර ඒවා අධ්‍යයනය කර අඩුපාඩු තිබේනම් අධිකරණය හමුවේ කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙස රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment