රාත‍්‍රී කාලයේ විනෝදවීම හා එක්රැස්වීම වැළැක්වීමට ඇඳිරිනීතිය පැනවූවා – රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල්

569

රාත‍්‍රී කාලයේදී විනෝද වීමට පිරිස් ඒකරාශී වීමෙන් වැළකී තමන්ගේ නිවෙස්වල ආරක්ෂා සහිතව සිටීම ස`දහා ඇ`දිරි නීතිය රාත‍්‍රී කාලයේ පනවා ඇති බව මුදල් ප‍්‍රාග්ධන, වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසයි.

‘‘විවිධ තැන්වලදී හොයාගෙන තියෙනවා රාත‍්‍රී සාද පවත්වලා ඒ තුළිනුත් මේ වෛරසය දිගින් දිගට ගිහිල්ලා කියලා. ඒක තමයි එතැන තියෙන තර්කය. මේ ඇඳිරි නීතිය රාත‍්‍රී කාලයේ පැනවීමට මෙය හේතුවක්’’ යැයි ද ‘දිවයින’ කළ විමසුමකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා කීවේය. පවතින කොවිඞ් වසංගත තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් රජය පෙරේදා (16දා) සිට සෑම දිනකම රාත‍්‍රි 10 සිට අලූයම 04.00 දක්වා දිවයිනම ආවරණය වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබීය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment