රාමක්‍ද්ක්‍ද මහා නිකායෙන් සජිත්ට ගෞරව නාමයක්

277

ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය විසින් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා වෙත හෙට (11දා) ‘ශාසන කීර්ති දේශාභිමානී ශ‍්‍රී ලංකා ජනරංජන’ ගෞරව නාමය පිරිනමනු ලබයි.

සමාජ සංස්කෘතික සහ ආගමික වශයෙන් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඉටු කරන අනවරත මෙහෙවර පිළිබඳව ප‍්‍රසාදයට පත්ව එකී මෙහෙවර ඇගයීම පිණිස ශ‍්‍රී ලංකා රාමඤ්ඤ නිකාය මගින් අදාළ ගෞරව නාමය පිරිනමන ලබයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු, නියෝජ්‍ය ඇමැතිවරයකු, ඇමැතිවරයකු සහ විපක්ෂ නායකවරයා ලෙස වර්තමානයේදී සජිත් පේ‍්‍රමදාස මහතා වෙතින් ඉටුවන මෙහෙවර පිළිබඳව එහිදී විශේෂ සැලකිල්ලට භාජනය කොට තිබේ.

පසුගිය රජය සමයේ ඉතා කෙටි කලක් සංස්කෘතික අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඒ වකවානුව තුළ ආගමික සහ සංස්කෘතික වශයෙන් අතිශයින් වැදගත් වන කටයුතු රැුසක් ම ඉටු කළේය.

සසුනට අරුණ, සිසු දහම් සෙවන, විපක්ෂයෙන් හුස්මක්, සක්වළ වැනි වැඩසටහන් හරහා විශාල මෙහෙවරක් ඉටු කරමින් සිටින සජිත් පේ‍්‍රමදාස මහතා මීට පෙර ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශ්වයෙන් ශාසන දීපන අභිමානි ශ‍්‍රී ලංකා ජනරංජනී ගෞරව නාමයෙන් ද පිදුම් ලැබීය.

අකිත පෙරේරා


 

advertistmentadvertistment
advertistmentadvertistment