රාමසාන් උත්සවය සමරා සුහද හමුවකට ගොස් එද්දී  යතුරුපැදිය ටිපර් රථයක ගැටී  තරුණයෝ දෙදෙනා මරුට

252

පූගොඩ පොලිස් වසමේ ඕවිටිගම, කුමාරිමුල්ල ග්‍රාමයේ පදිංචි මුස්ලිම් තරුණයන් දෙදෙනකු ඉකුත් රාමසාන් උත්සවය සමරා එදින පස්වරු කොළඹ පිහිටි සුහද හමුවකට ගොස් යතුරුපැදියකින් ආපසු එමින් සිටියදී අළුයම 2.00 ට පමණ පෑලිගොඩ පොලිස් වසමේ පට්ටිය හන්දිය ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටීමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් තිබිණ. ඔවුන් දෙදෙනා අවු. 25 – 26 අතර වයස් සීමාවේ සිටි අය වෙති.

ටිපර් රථ රියැදුරු මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති අතර  පෑළියගොඩ පොලිස් ස්ථානාධිපතිගේ උපදෙස් අනුව රථ වාහන අංශයේ ස්ථානාධිපති පො.ප. දිසානායක මහතාගේ මෙහෙය වීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි. පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ ජාතික රෝහලේදී සිදුකිරීමට නිමිතව තිබිණ.

කිරිදිවැල – සෝමපාල තැලිගම

 

advertistmentadvertistment
advertistmentadvertistment