රාමසාන් උළෙල දා ඉස්ලාම් දේවස්ථාන අසල රැකවල් තර කරයි

72

ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උත්සව දිනය වෙනුවෙන් හෙට (11 දා) ඉස්ලාම් දේවස්ථාන ආශ්‍රිතව ආරක්ෂාව සඳහා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශයේ 7350 කට අධික පිරිසක් යොදවන බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව පොලිසියේ 5,580 ක්, විශේෂ කාර්ය බළකායේ 510 ක් සහ ත්‍රිවිධ හමුදාවේ 1250 ක් මෙලෙස විශේෂ රාජකාරියේ යෙදවීමට පියවර ගෙන ඇත.

දිවයිනේ සෑම පොලිස් වසමකටම අයත් ඉස්ලාම් දේවස්ථානවල මව්ලවිතුමන් හා සාකච්ඡා කර මෙම ආරක්ෂක සැලැස්ම සකස් කර ඇති අතර, දිවයින පුරා ඉස්ලාම් දේවස්ථාන 3,203 ක් අතුරින් දේවමෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන 2,453 කට ආරක්ෂාව ලබාදීමට පොලිසිය පියවර ගෙන ඇත.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment