රාමසාන් දිනය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක්

183


රාමසාන් දිනය යෙදෙන හෙට දිනයේ සහ ඒ වෙනුවෙන් අද ආගමික වතාවත් පැවැත්වෙන ඉස්ලාම් පල්ලි හඳුනාගෙන විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දියත් කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.

ඒ සම්බන්ධව අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ

රාමසාන් කාලසීමාවේදී හඳුනාගත් මුස්ලිම් පල්ලිවලට අවශ්‍ය ආරක්ෂාව සැපයීමේ වැඩපිළිවෙලක් සිදුකරන්නැයි පොලිස්පතිවරයා විසින් පළාත් භාර උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් දුන්නා.
ඒ අනුව ආරක්ෂාව වෙනුවෙන් ජංගම සංචාර, පා මුර සංචාර, රාත්‍රී සංචාර යොදවන්න උපදෙස ලබාදීලා තිබෙනවා.
ඊට අමතරව අපරාධකරුවන් සිටිනවා නම් ඔවුන් හඳනාගැනීම සඳහා මාර්ග බාධක යොදවා පරීක්ෂා කිරීම් කටයුතු කරන්න කියන උපදෙසත් ලබාදීලා තියෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment