රාමාගේ පාලම ගැන ඉන්දීය ඇමැතිගෙන් අලුත් හෙළිදරව්වක්

800

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇත්තේ රාමාගේ පාලම දැයි පැවසීම දුෂ්කර බව ඉන්දීය රාජ්‍ය ඇමැති ජිනේන්ද්‍ර සිං පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර ඇත.

රාම්සේතු හෙවත් ආදම්ගේ පාලම නමින් හඳුන්වන මෙම පාලම ගැන ඉන්දීය රජය මෙවැනි ප්‍රකාශයක් කළේ මුල්වරටය. චන්ද්‍රිකා ඡායාරූපවලින් එම ස්ථානයේ හුණුගල් ඇති බව දුටුවා. නමුත් එය පාලමක් ද යන්න කිව නොහැකියි. මේ ස්ථානය වසර 18000 කට වඩා පැරණියි” යැයි ජිනේන්ද්‍ර සිං තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

ස්වාධීන මන්ත්‍රී කාර්තිකේප ශර්මා නැඟූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය රාජ්‍ය ඇමැතිවරයා මේ බව පවසා තිබේ.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment