රාවණා ඇල්ලෙන් වැටුණු ඊශ්‍රායල් තරුණියට බරපතලයි

321

රාවණා ඇල්ල නැරඹීමට පැමිණි ඊශ්‍රායල් ජාතික තරුණියක් ඊයේ (14) ගල් තලාවකට නැගීමට යාමේදී පයලිස්සා වැටීමෙන් බරපතල තුවාල ලබා ඇතැයි ඇල්ල පොලීසිය පවසයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ සංචාරයක් සඳහා ශ්‍රීලංකාවට පැමිණි ඊශ්‍රායල් ජාතික ශ්‍රී ඇඩා නැමති විසිතුන් හැවිරිදි තරුණියකි.
ඇය තවත් විදේශීය සංචාරකයින් දොළොස් දෙනෙකු සමඟ රාවණා ඇල්ල නැරඹීමට පැමිණ ඇල්ලේ උඩකොටසට ගල් මතින් නැගයාමට උත්සාහ කිරීමේදී පයලිස්සා අඩි දහයක් පමණ පහළට වැටී ඇත.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ඇය වැල්ලවාය මූලික රෝහලටත් පසුව මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලටත් මාරුකොට තිබේ.
ඇයගේ තත්වය බරපතල බැවින් පසුව බදුල්ල මහ රෝහලට මාරුකොට යවා ඇති අතර දැනට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

advertistmentadvertistment
advertistmentadvertistment