රාවණ හි විභීෂණට මම කැමතියී – දෙව්මිණ පේසල

499

නම – කේ. අයි. දෙව්මිණ පේසල
 ගම – කොළඹ
 වයස — අවු. 10
 ශ්‍රේණිය — 5
 සහෝදර සහෝදරියන් — අක්කලා දදෙනයි
 දෙමව්පියන් — කේ. අයි. ගයාන් කෝසල” ඒ. ඞී. ශෙහානි නිලූෂා

 රාවණා ටෙලි නාට්‍යයේ ‘විභීෂණ. චරිතයට පණ දුන් පොඞ්ඩා බොහෝ දෙනකුට මතක ඇති. ඒ වගේම නෑනලා” සඳ තරු මල් සහ සිහින සමාගම වැනි ටෙලි නාට්‍ය හරහා රසික ආදරය නොඅඩුව ලබාගත් දෙව්මිණ පේසලට මීවිත ඉඩකඩ මේ විදිහට වෙන් කළා.

 දෙව්මිණට වයස අවුරුදු දෙකහමාරෙදි ලොකු දුව පාසල නියෝජනය කරමින් සුදර්ශී ශාලාවේ නාට්‍ය පුහුණුවකට සහභාගී

 වුණා. ඒ යන එන අතරෙදි මම දෙව්මිණවත් එතනට අරගෙන යනවා. මෙතනදි බොහෝ කලාකරුවන් පුතාව දැකලා මට කිව්වේ දරුවට හොඳ ‘ස්ක‍්‍රීන් ලූක් එකක්. තියෙනව කියල. සමහර අය ඡුායාරූප පවා අරගත්තා. ඒවායේ ප‍්‍රථිපලයක් විදිහට පුංදි වයසෙදිම නිර්මාණවලට ආරාධනා එන්න පටන්ගන්නවා. නමුත් පුතා ඒ ආරාධනා පිළිගත්තෙ නැහැ.

 නමුත් වයස අවුරුදු හතරෙදි සනත් ශ‍්‍රී ලාල් මහත්මයාගේ සම්බන්ධීකරණයෙන් මට පුතාව පෞද්ගලික බැංකුවක වෙළෙඳ දැන්වීමක් සඳහා සහභාගී කරන්න හැකියාව ලැබුණා.

 දෙව්මිණගේ කලා දිවියේ ආරම්භය ගැන ඔහුගේ මව නිලූෂා මේ විදිහට මතකය අවදි කළා.

 දෙව්මිණ මුලින්ම චිත‍්‍රපටයකට දායක වුණේ සරත් වීරසේකර මහත්මයාගේ ‘ශී‍්‍ර සිද්ධා. නිර්මාණය හරහා. නමුත් තවම ඒක තිරගත වුණේ නැහැ. එතනදි පුතා ර`ගපාන්නෙ ‘කුඩාභානු. ගෙ චරිතය. ඊට අමතරව මේ වන විට කෙටි චිත‍්‍රපට දෙකකට” වාර්තා චිත‍්‍රපට තුනකට වගේම වෙළෙඳ දැන්වීම් තිහකට පමණ පුතා රංගනයෙන් එකතුවෙලා තියෙනවා. ඒ වගේම අලූත් ටෙලි නාට්‍යයක සහ ටෙලි චිත‍්‍රපටයක ෂුටින් වලට මේ දිනවල සහභාගී වෙනවා.

 අධ්‍යාපන කටයුතුවලට බාධා වන නිසා බොහෝ දුරට සති අන්තයේ තමයි රූගතකිරීම් වලට සහභාගී වෙන්නෙ. පාසලට නොගැලපුනත් කලාව කරන නිසා දරුවාට කොණ්ඩය වවන්න සිදුවෙලා තියෙනවා. මෙතනදි කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ජී. එන්. සිල්වා මහතාගේ විශේෂ අවසරයක් දරුවාට ලැබී තිබෙනවා. ඒ වගේම විදුහල්පතිතුමිය වන චින්තා රුද්‍රිගූ මහත්මිය” නියෝජ්‍ය විදුහල්පතිනියන් වන චමරි වික‍්‍රමනායක සහ දිල්රුක්‍ෂි පේ‍්‍රමතිලක යන මහත්මීන්ගෙන් දරුවාගේ කලා කටයුතුවලට විශාල සහයෝගයක් ලැබෙනවා.

රාවණ හි විභීෂණට මම කැමතියී - දෙව්මිණ පේසල



 ප‍්‍රාථමික අංශයේ හේමා” බස්නායක” රවී සහ කාංචනා යන ගුරු මහත්ම මහත්මීන් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විශාල සහයෝගයක් ලබා දුන්නා.

 දෙව්මිණගේ කලාදිවියේ සුවිශේෂී අවස්ථාව ගැන ශෙහානි කිව්වේ මේ විදිහට.

 තුෂාර තෙන්නකෝන් මහත්මයාගේ අධ්‍යක්‍ෂණයක් වන ‘රාවණා. දරුවාගේ කලා දිවියේ හැරවුම් ලක්‍ෂය බවට පත් වුණේ නොසිතුව විදිහට. ඔඩිෂන් එකට ලංකාවේ දරුවන් විශාල පිරිසක් සහභාගි වෙලා තියෙනවා. නමුත් අධ්‍යක්‍ෂවරයා රූගතකිරීම් පටන් ගන්න දවසට කලින් දවසෙත් ‘වීභීෂණ. චරිතයට කෙනෙක් හොයනවා. එතනදි චමරි” අචිනි සහ බුවනෙක රණවක යන තිදෙනාගේ මාර්යෙන් සහය අධ්‍යක්‍ෂවරයා වන උදය මහත්මයා දරුවාගේ ඡායාරූපයක් මගින් අධ්‍යක්‍ෂවරයා දැනුවත් කිරීම හරහා තමයි මේ අවස්ථාව උදාවෙන්නෙ.

 අම්මා අපිත් එක්ක කතාබහක යෙදෙන අතරේ තමන්ගේ පාඩුවේ අම්මා ළඟට වෙලා හිටපු දෙව්මිණව අපි මේ විදිහට කතාබහට එකතුකර ගත්තා.

 දෙව්මිණට ටීචර්ල මොකද කියන්නේ?

 අපේ ඉස්කෝලෙ ටීචර්ල මට ගොඩාක් උදව් කරනවා. අතපසු වුණ පාඩම් යාළුවන්ගෙන් බලාගන්න කියනවා. ඉගෙනීමයි රඟපාන එකයි දෙකම හොඳට කරන්න කියලා උපදෙස් දෙනවා.

 එතකොට යාළුවො?

 යාළුවො කියන්නෙ ඔයා ලස්සනට රඟපානවා කියල. ඒ වගේම එයාල කියනව අපි ගැනත් ඒ මාමලාට කියන්න කියලා.

 පුතා කැමතිම චරිතය මොකක්ද?

 රාවණ ටෙලි නාට්‍යයේ විභීෂණ චරිතයයි” සඳ තරු මල් ටෙලි නාට්‍යයේ පොඞ්ඩාගේ චරිතයයි” දැනට ෂුටින් කරන ටෙලි නාට්‍යයේ චරිතයටයි මම ගොඩාක් කැමතියි. මම වැඩිපුරම කැමති දඟකාර චරිතවලට.

 කැමතිම විෂය?

 ගණිතය.

 රඟපාන මාමලා නැන්දලා මොකද කියන්නෙ?

 ඒ අය චරිතය හොඳින් කරන්න වගේම වරදින තැන් හදාගන්නත් ගොඩක් උදව් කරනවා.

 ලොකු වුණාම කවුරු වෙන්නද කැමති?

 මම කැමතියි ඉන්ජිනේරුවෙක් වෙන්න. රොබෝ කෙනෙක් හදන්න මම ගොඩාක් ආසාවෙන් ඉන්නවා.

 පුතා රඟපාන්න යොමු වුණ දවසේ ඉඳන් මේ දක්වා එයාට ලැබුණ මුදල් වලින් කොටසක් මම ඉතිරි කළා. ඒ මුදල් යොදවලා අසරණ අයට උදව් උපකාර කරනවා. අවුරුදු හතරක් පුරාවට නොකඩවා ශිෂ්‍යත්ව හතරක් දෙනවා. දාන මාන ආදී පිංකම් වගේම බොහෝ සමාජ සත්කාර මේ වන විට කරලා තියෙනවා. ඒ ගැන පුතා ඉන්නෙ ගොඩක් සතුටින්.

 දෙව්මිණගේ මව අවසාන වශයෙන් පැවසුවා.

 මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment