රාහුල්ගේ සුපිරි ඉනිම පන්ජාබ් කිංග්ස් දිනවයි

129

ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ 53 වැනි තරගය ලෙසින් ඊයේ (07 වැනිදා) පැවැති චෙන්නායි සුපර් කිංග්ස් සහ පන්ජාබ් කිංග්ස් අතර තරගයේදී කඩුලූ 6ක ජයක් වාර්තා කිරීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත්විය.

 ජයග‍්‍රහණය සඳහා ලකුණු 135ක ඉලක්කයක් හඹා ගිය පන්ජාබ් කිංග්ස් කී‍්‍රඩකයෝ පන්දුවාර 13කදී කඩුලූ 4ක් දැවී අදාළ ඉලක්කය පසුකර යෑමට සමත්විය. එහිදී සුපිරි පිතිප‍්‍රහාරයක් දියත් කළ කේ. එල්. රාහුල් ලකුණු 98ක් වාර්තා කිරීමට සමත්වූ අතර පන්දු 98ක් පුරා නොදැවුණු එම ඉනිමට දැවැන්ත හයේ පහර 8ක් සහ හතරේ පහර 7ක් ඇතුළත්විය.

 තරගයේ පළමුවෙන් පිතිප‍්‍රහාරය දියත් කළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20දී කඩුලූ 6ක් දැවී ලකුණු 134ක් වාර්තා කළේය. ෆෆ් ඩු ප්ලෙසිස් පන්දු 55කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 76ක් සිය කණ්ඩායමට එක් කළේය. අර්ෂදීප් සිං සහ කිස් ජෝර්ඩන් විසින් චෙන්නායි ඉනිමේ කඩුලූ 2 බැගින් බිඳ දැමීය.

 ලකුණු සටහන

 චෙන්නායි සුපර් කිංග්ස් පන්දුවාර 20දී කඩුලූ 6ක් දැවී ලකුණු 134යි.

 පන්ජාබ් කිංග්ස් පන්දුවාර 13කදී කඩුලූ 4ක් දැවී ලකුණු 139යි.

advertistmentadvertistment
advertistmentadvertistment