රාහුල් ගාන්ධිට ඇප

153

සාපරාධී අපහාස නඩුවට වරදකරු කරමින් ලබාදුන් වසර දෙකක සිරදඬුවමට එරෙහිව ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි ඊයේ (03 දා) ගුජරාටි අධිකරණය හමුවේ ගොනු කළ අභියාචනයට අනුව සිරදඬුවම අත්හිටුවමින් ඔහු ඇප මත මුදා හරිනු ලැබීය.

මැතිවරණ රැලියකදී රාහුල් ගාන්ධි කළ ප්‍රකාශයක් මත 2019 වසරේ ගුජරාටි ඇමැතිවරයකු වන පුර්නේෂ් මෝදී කළ පැමිණිල්ලක් අනුව මෙම නඩු විභාගය පැවැති අතර ඒ අනුව රාහුල් වැරදිකරු කරමින් වසර දෙකක සිරදඬුවමකට යටත්කොට තිබූ අතර එම සිරදඬුවමට එරෙහිව රාහුල් ගාන්ධි විසින් ඊයේ (03 දා) ගුජරාටි අධිකරණය වෙත අභියාචනයක් ගොනුකර තිබිණි. අභියාචනා නඩුව එළැඹෙන 13 දා විභාගයට ගැනීමට නියමිතය.

අභියාචනය ගොනු කිරීම සඳහා රාහුල් ගාන්ධි සමග ඔහුගේ සොයුරිය ප්‍රියංකා ගාන්ධි සහ කොංග්‍රස් පාලනයේ ඇති ප්‍රාන්ත මහ ඇමැතිවරු ද පැමිණ සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment