රාහුල් ගාන්ධිට මන්ත්‍රී ධුරය අහිමි වෙයි!

131

බ්‍රිතාන්‍ය නීතිය යටතේ සිරදඬුවම්?

මේ අතර රාහුල් ගාන්ධි මහතාගේ මන්ත්‍රී ධුරය අත්හිටුවීමට පියවර ගත් බව ඊයේ (24 දා) දහවල් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදිට අවමන් කිරීම ගැන වරදකරු වූ කොංග්‍රස් පක්‍ෂයේ ප්‍රබලයකු වූ රාහුල් ගාන්ධිට ගුජරාටයේ සුරටි මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වසර 2ක සිරදඬුවමක් නියමකර ඇත.

රාහුල් වරදකරු වූයේ 2019 අප්‍රේල් මස කර්නාටකයේ පැවති ඡන්ද රැස්වීමකදී මෝදිගේ නම ඇතුළත් කර ප්‍රකාශයක් කිරීමය. රාහුල් මෙසේ පවසා ඇත. දියමන්ති ව්‍යාපාරික තිරම් මෝදි, ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලාලිත් මෝදි හොරු බව ප්‍රචාරය වුණා එසේනම් නරේන්ද්‍ර මෝදි කවුද?

රාහුල් කළ එම ප්‍රකාශය නිසා භාරතීය ජනතා පක්‍ෂ මන්ත්‍රීවරයකු වූ සුරේෂස් මෝදි ගුජරාට් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකිරීමය.

නඩුවේ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව රාහුල්ගේ

නීතිවේදියා කීවේය. ඔහුගේ තර්කය වූයේ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ ක්‍රියාදාමය මත රාහුල්ට එවෙනි ප්‍රකාශයක් කළ හැකි බවත් රාහුල් ගුජරාට් ප්‍රාන්තයේ පුරවැසියකු නොවන බවත්ය.

රාහුල් ගාන්ධිට මන්ත්‍රී ධුරය අහිමි වෙයි!

මෙම නඩු තීන්දුව ගැන නරේන්ද්‍ර මෝදි කිසිදු ප්‍රකාශයක් කර නැත.

පුද්ගලයකුට අපහාස කිරීම ගැන සිවිල් නීතිය යටතේ ක්‍රියාකළ හැකි වුවත් ඉන්දියාව තුළ එය අපරාධකාරී ක්‍රියාවක් වේ. රාහුල් ගාන්ධි මේ ගැන මෙලෙස පවසා ඇත. මගේ පියා රජිව් ගාන්ධි බෝපෝර් අවිවලින් හොරකම් කළ බව පැවසුවා. එහෙත් එම අපහාස කිරීම්වලට එරෙහිව නඩු පැනවූයේ සහ දඬුවම් ලැබීම් සිදුවූයේ නැහැ.

ඉන්දියාවේ වයානාද් ආසනයේ මන්ත්‍රී රාහුල් ගාන්ධිට නියම වූ වසර 2ක සිරදඬුවම නිසා ඔහුගේ මන්ත්‍රී ධුරය අහිමිවීමට ඉඩ ඇත. මෝදිට අවමන් කිරීමේ නඩුව විභාග කිරීම අත්හිටුවීමට ගුජරාට් අධිකරණය ක්‍රියාකළත් මහෙස්ත්‍රාත්වරයා වෙනස් වී අලුත් මහෙස්ත්‍රාත්වරයකු පැමිණීමත් සමග නඩුව විභාගයට ගැනීම යළි ආරම්භ විය. මේ පිළිබඳව කොංග්‍රස් පක්‍ෂ ප්‍රබලයකු වූ සිංගජ් පැවසුවේ මෙම සිරදඬුවම නියම කිරීම තුළින් රාහුල් හෝ කොංග්‍රස් පක්‍ෂය මර්දනය කළ නොහැකි බවයි. බිය නැති පුද්ගලයකු වූ රාහුල් ගාන්ධි සෑම හොරකුටම මෝදි යයි නම ඇත්තේ මන්දැයි යනුවෙන් කළ ප්‍රකාශය අගමැති මෝදිට අපහාසයක් බව මහෙස්ත්‍රාත්වරයා තීරණය කරනු ලැබීය. ගුජරාටිය තුළ මෝදි යන නම පොදු නමක් වේ. ගාන්ධි කළ ප්‍රකාශය දූෂිතයන් ගැන මිසක් එක් ජනසමූහයකට එල්ල කළ චෝදනාවක් නොවන බව ගාන්ධිගේ

රාහුල් ගාන්ධිට මන්ත්‍රී ධුරය අහිමි වෙයි!

නීතිවේදියා කියා සිටියේය. කොංග්‍රස් පක්‍ෂයේ නායක මල්ලි නාර්ජුන් පැවසුවේ මෝදි රජය තක්කඩි හා ඒකාධිපති ලෙස ක්‍රියාකරන බවයි. මේ අතර ඉහළ අධිකරණය රාහුල්ට නියමවූ සිරදඬුවම ස්ථිර කළහොත් ඔහුට 2024 මැතිවරණයට තරග කළ නොහැකිය. කොංග්‍රස් පක්‍ෂය මෙම සිරදඬුවම ගැන පළ කළේ මෝදිට එරෙහිව ප්‍රකාශ කිරීම කොංග්‍රස් පක්‍ෂය හෝ එහි ආධාරකරුවන් නතර නොකරන බවයි. එසේම මෝදි රජයේ සියලු දූෂණ ක්‍රියා හෙළිකරන බවද කොංග්‍රස් පක්‍ෂය අනාවරණය කර ඇත. මේ පසුබිම මැද තමිල්නාඩු මහ ඇමැති එම්. කේ. ස්ටාලින්, රාජකීය ජනතා පක්‍ෂ නායක තෙජා ශාම් යාදෙව්, ජාතික කොංග්‍රස් නායක ශරාද් පවර් යන පක්‍ෂ නායකයන් රාහුල් ගාන්ධිට සහය දක්වා ඇත. මේ අතර රාහුල්ට ඇප නියම කළ ගුජරාටි අධිකරණය දඬුවම ක්‍රියාත්මක කිරීම දින 30කට අත්හිටුවා තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment