රාළහාමිලා දෙදෙනා වීඩියෝවක් පෙන්වා වසර දෙකක් තිස්සේ සිසුවිය කෙලෙසලා – ක්ලාන්ත වී වැටීමෙන් රහස එළියට

1386

යාපනය පේදුරුතුඩුව පොලිසියේ සේවය කරන කොස්තාපල්වරුන් දෙදෙනකු විසින් වසර දෙකක් තිස්සේ පාසල් දැරියක අතවරයට ලක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මුල්ම වරට එම දැරිය යාපනයේදී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා විසින් බලහත්කාරයෙන් දූෂණය කළ අවස්ථාවේ දර්ශන පෙළක් වීඩියෝ කොට ඇති අතර එම වීඩියෝව පෙන්වා දැරිය බියකොට වසර දෙකක් තිස්සේ මෙසේ ඇයට අතවර කර තිබේ. එම සිද්ධිය කිසිවකුට කිවහොත් එම වීඩියෝ දර්ශන ඇය අධ්‍යාපනය ලබන පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත යවන බවද කියමින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ඇය බිය වද්දා තිබේ.

මේ වන විට එම වීඩියෝ දර්ශන ද යාපනය පොලිසිය වෙත ලැබී ඇත. දැරිය මෙම සිද්ධියට මුහුණ දුන් අවස්ථාවේ වයස අවුරුදු 16 ක්ව සිට ඇති අතර මේ වන විට ඇය 18 හැවිරිදි වියේ පසුවෙයි. පසුගිය දිනක එම දැරිය ක්ලාන්ත වී ඇද වැටී ඇති අතර පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දැරිය දැඩි මානසික පීඩාවකින් සිටින බව වෛද්‍යවරුන්ට දැන ගැනීමට හැකි වී ඇත. ඒ පිළිබඳව වැඩි විස්තර විමසූ අවස්ථාවේදී ඇය සිද්ධිය ප්‍රකාශ කොට තිබේ.

යාපනය හා පේදුරුතුඩුව පොලිසි සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment