රැකියාව නැතිව  එක්දරු පියා කෝච්චියට දිවි දෙයි

172

පවතින ආර්ථික අපහසුතා හමුවේ රැකියාවක් නොමැතිව අසරණ වූ 25 හැවිරිදි එක් දරු පියෙකු මැදවච්චියේදී රේල් බස් රථයට බෙල්ල තියා සිය දිවි නසාගෙන සිටියදී මැදවච්චිය පොලිසිය විසින් සොයාගෙන ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ යකාවැව, මැදවච්චිය ලිපිනයේ පදිංචි සුජිත් දිල්ශාන් ජයසේන නමැති 26 හැවිරිදි එක් දරු පියෙකි.

මෙම පුද්ගලයා කිසිදු අඩ දබරයකින් තොරව නිවසේ සිට පසුගිය 01 වෙනි දා උදෑසන 07.00 ට පමණ පැමිණ මන්නාරම් පාර, යකාවැව දුම්රිය හරස් මාර්ගයේ සිට මීටර් 200 ක් පමන දුරට ගොස් දුම්රියක් එන තුරු බලා සිට ඇත. ඒ මොහොතේ තලෙයිමන්නාරම් සිට අනුරාධපුර බලා ධාවනය කරමින් තිබූ රේල් බස් රථය පැමිණ ඇති අතර එහි රියැදුරු නොසිතු විටක එක් වරම මෙම පුද්ගලයා රේල් පාරට දිවවිත් රේල් පීල්ලට අත තබා ඒ මත හිස තබා ඇත. එහිදී රේල් බස් රථය නවතා ගැනීමට නොහැකි වූ බව එම රේල් බස් රථයේ දුම්රිය රියැදුරා පැවැසීය. මේ පිළිබඳ වැඩි දුර පරීක්ෂණ පොලිස් ස්ථානාධිපති ආර්. එම්. අයි. බී. රත්නායක මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක ඉන්ද්‍රසිරි, පො.සැ. 3712 පියනන්ද, 32875 පුෂ්පකුමාර, පො.කො. 67630 ජයතුංග යන පිරිස සිදු කරයි.

මැදවච්චිය – ගයාන් උතුරුමැද

advertistmentadvertistment
advertistmentadvertistment